
(අංජුල මහික වීරරත්න)
පාස්පෝර්ට් දෙපාර්තමේන්තුවෙි හොර පාස්පෝර්ට් හැදූ රේගුවෙන් භාණ්ඩ එළියට දැමූ නිලධාරී යාන්ත්‍රණයට අලුත් වෙන්නට කාලය ඇවිත් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (5) පැවසීය.
දූෂිත නිලධාරී යාන්ත්‍රණය පරණ පුරුදු අතහැර වෙනස් නොවුනහොත් රජය මැදිහත් වී වෙනස් කරන බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවේ කෑගල්ල නිදහස් මාවතේ අද පැවැති ජගත් පරිසර දින සැමරුම් උලෙළට එක් වෙමිනි.
“ ප්ලාස්ටික් භාවිතය දුරලමු" යන ජාත්‍යන්තර පරිසර දින තේමාවෙන් සහ “දලුලන්න - ඉඩදෙන්න" යන ලාංකික තේමාව යටතේ මෙවර පරිසර දිනය සමරනු ලබයි.
කොන්ක්‍රීට් ප්ලාස්ටික් මත විනාශයට පත් වූ පරිසරය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට සෑම දෙනාටම පුරවැසි වගකීමක් තිබෙන බව ජනාධිපතිවරයා පැවසීය.
පොදු ජාතික විඤ්ඤාණයකින් යුතුව මිහිතලය සමඟ සාමය ගොඩ නැඟීමේ වගකීමක් වත්මන් පරපුරට තිබෙන බව කී ජනාධිපතිවරයා ඒ සඳහා සියලු දෙනා භේද ඉවතලා එක්විය යුතුව තිබෙන බව කීය.
පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්ම මහත්මීන් ද ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාගේ කතාව ඇත්ත... පාස්පෝර්ට්, රියදුරු බලපත්, හැඳුනුම්පත් සහ රේගු වැනි ආයතනවල තිබෙන්නේ අල්ලස් පොකුරු, හිස් පාස්පෝර්ට් අවශ්‍ය තරම් තිබිලත්, අවශ්‍ය පමණට වැඩිය තුන්ගුණයක් රජයේ සේවකයින් ඉඳලත් අද මාතරින් පාස්පෝර්ට් එක්ක ගන්න දිනයක් වෙන්කර ගන්න බැලුවොත් ලැබෙන්නේ ඔක්තෝබර් මැද දිනයක්..., සාමාන්‍ය ක්‍රමයට පාස්පෝර්ට් ගන්න දිනයක් වෙන්කරගෙන ගියත් එතැන අනිවාර්යයෙන් පැය 3-4 පෝලිමේ ඉන්න ඕනේ..., අයැදුම්පත භාර දීලා මුදල් ගෙවන්න. ඔක්තෝබර් මාසේ මැද භාර දුන්නොත් එක මුද්‍රණය කරන්නේ දෙසැම්බර් මාසේ, තැපෑලට දමන්නේ ජනවාරිවලින් පස්සේ, සාමාන්‍ය ක්‍රමයට අල්ලසක් නොදී පාස්පෝර්ට් එකක් ගන්න අවම වශයෙන් මාස 6ක් ගතවෙනවා. පෝලිමේ ඉන්න මිනිස්සු බනින්නේ ආණ්ඩුවට..., මේ පෝලිම් දූෂිත නිලධාරින් විසින් අල්ලස් ගැනීම සඳහා නිර්මාණය කරන ඒවා... වහාම යමක් නොකලොත් පළාත් සභා ඡන්දෙදී ප්‍රතිඵල ලැබේවි...
ජනාධිපතිතුමා උඩ බලාගෙන කෙල ගහන්න එපා... අල්ලස් පොකුරු තිබෙන බව අපිත් දන්නවා.. ඔබතුමාගේ වගකීම කුමක් හෝ යාන්ත්‍රණයක් හදලා අල්ලස් ගන්න නිලධාරින් 10 වත් දිනකට නීතිය හමුවට ගෙන එන්න. නමුත් එහෙම දෙයක් වෙන බව පේන්නෙත් නැහැ..