
(සුජිත් හේවාජුලිගේ)
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශන ආරම්භ කර ඇත.
ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට කතානායකවරයෙකුට එරෙහිව අල්ලස් කොමිසම විමර්ශනයක් පවත්වන පළමු අවස්ථාව මෙයයි.
වැඩ තහනමට ලක් කෙරුණු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා කතානායකවරයාට විරුද්ධව අල්ලස් කොමිසමට පසුගියදා පැමිණිල්ලක් කළේය.
කුලරත්න මහතා කතානායකවරයාට විරුද්ධව දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව චෝදනා අටක් මෙම පැමිණිල්ලෙන් ඉදිරිපත් කරනු ලැබ ඇත.
නීති විරෝධී ලෙස වාහන අවභාවිතය, ඉන්ධන දීමනා දෙකක් ලබා ගැනීම, පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශය සතු උපකරණ අවභාවිතය, නියමිත මුදල නොගෙවා පාර්ලිමේන්තු ගිණුම යටතේ අමතර දිවා ආහාර පහසුකම් ලබා ගැනීම, නීති විරෝධී ලෙස විමර්ශන නිලධාරියකු පත් කර ඔහුට පාර්ලිමේන්තු ගිණුමෙන් මුදල් ගෙවීම සහ ආහාර සහ ප්‍රවාහන පහසුකම් ලබාදීම, නීති විරෝධී ලෙස රජයට අයත් නිල නිවාස දෙකක් භාවිතා කිරීම, තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලා සිටින ලද තොරතුරු ලබාදීම නීති විරෝධී ආකාරයෙන් ප්‍රතික්ෂේප කර තම දූෂණ සහ වංචා ක්‍රියා යටපත් කර ගැනීමට උත්සාහ දැරීම , පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පරිපාලනයට අනීතික ලෙස මැදිහත්වීම, ඔහු එම පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇති චෝදනාය.
කතානායකවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් පාර්ලිමේන්තුවේදී පසුගියදා අදහස් දැක්වූහ.
මේ අතර පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතාට එරෙහිව පැවැත්වූ පරීක්ෂණයේ වාර්තාවද අල්ලස් කොමිසමට බාරදී ඇතැයි වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩු බනිස් ...
බොහෝම හොඳයි. චෝදනා අපක්ෂපාතිව විමර්ශනය කරලා, කල් නොයවා, සොයාගැනීම් ප්‍රසිද්ධ කරන්න.
වැරදි කරු වුනොත් මාලිමාව කියයි අපේ නීතිය කාටත් එකයි කියලා.නිවැරදි වුනොත් විපක්ෂයේ රෙදි නැතිවෙයි.ජනතාව අසරණයි.
ඉතිහාසයේ ප්‍රථම වතාවටලු. ඔව් ඉතින් කලින් හිටපු කථානායක විතරක් නෙවේ ඒ ආණ්ඩුවල හිටපු කවුරුවත් හීනෙකින්වත් වැරැද්දක් කරන්න හිතපු අය නෙවෙයිනේ.
සුදුසකම් නැතිව තමන්ගේ පත්වීම හොරෙන් ගත්තු කෙනෙක් තමන්ගේ පත්වීම අයින් කරාට පසු චෝදනා කරන්නේ කුමන හේතුවකට ද ?මෙතරම් කල් නිහඬව හිටියේ කුමකට ද ? මේ චෝදනාත් හොයල වැරදි කරු නම් ,කතානායක ඉල්ලා අස්විය යුතුයි. ඒ වගේම කලින් හිටපු කතානායක දවසකට රුපියල් 75000 ක ඉන්ධන භාවිතා කරපු එක ගැන මේ නිලධාරියා කට වහගෙන හිටියේ මොකටද ? රාජ්‍ය අංශයේ තියෙන එකිනෙකාගේ පිට කහ ගැනීම හෙවත් , එකිනෙකා ගේ හොර වැඩ තම තමන්ගේ වාසිය පිණිස වාසා දැමීමට එරෙහිවද මේ හිටපු නියෝජ්‍ය ලේඛම් ට දඬුවම් කල යුතුයි
මේවා නිකන් 2.50 චෝදනා. ඉස්සර හිටපු අයත් එක්ක බලනකොට මේවා නිකන් ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න කරපු චෝදනා.
ඉතා හොදයි... වැරැදි කරලා තියෙනවා නම් හැමෝම නීතියට යටත් විය යුතුයි. අර ඉස්සර තිබුණු කැලෑ නීතිය වගේ නැතිව...
විපක්ෂේ එක පාරක් ආචාර්ය උපාධි ප්‍රශ්නයක් ඇදගෙන රන්වල මහත්මය එලියට දැම්මා , දැන් මේ මනුස්සයාගේ ආචාර්ය උපාධියේ අවුලක් නැති නිසා සේවකයෝ හිටිය, වාහනේට පැට්‍රොල් ගැහුවා , ගෙවල් 2 භාවිත කරනවා කියල දුෂණ චෝදනා දමනවා , අර ඔය ගොල්ලගෙ පොහොට්ටු ආණ්ඩුව කාලේ ඔය තනතුර දරපු කෝපි කඩේ පොලී මුදලාලි ඔය පුටුවේ ඉඳගෙන ඇස්පනාපිට කොපමණ දුෂණ , හොරකම් වැරදි කලාද , කෝ කිසිම නීතියක් ක්රියාත්මකකලද ? අදටත් කිසිම ප්‍රශ්නයක් නැතිව ඔය යස අගේට ඉන්නේ ? අපේ මිනිසුන්න්ට පහර ගහන එකට අපි විරුධය , අපිට ගමේ පාරක යන්න බැහැ , එක එකාගේ කට කැඩිච්ච කතා අහන්නත් බැහැ අපි දීපු චන්දෙට සාධාරණයක් කරන එක ආණ්ඩුවේ යුතුකමක් , වහාම පොලි මුදලාලිට විරුධව අල්ලස් කොමිසමේ හෝ වෙනත් කොමිසමක චෝදනා ගොනු කිරීම ආණ්ඩුවේ වගකීමක් ,