IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දේශබන්දු යෝජනාවේ පුස්තකය පිටවේ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපා හැරීමේ යෝජනාව ඇතුළත් කෙරුණු පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය අද (25) නිකුත් කෙරිණ.

එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ සම්පූර්ණ දින පහක්  තැබීමෙන් පසු  ඕනෑම දිනයක  එය විවාදයට ගත හැකි වේ.

මේ අනුව යෝජනාව පිළිබඳ විවාදය ලබන මස 5 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (24) තීරණය කළේය.

මේ අතර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි විසමාචාර චෝදනා විමර්ශන කෙරුණු මැතිසබේ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි. එය සිංහල සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කිරීමටද  කටයුතු කරගෙන යන බව සභානායක කාර්යාලය පවසයි.

මෙම පරිවර්තන කටයුතු සඳහා භාෂා පරිවර්තක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් හෙට (26) දිනයේද රාජකාරි කිරීමට නියමිතය.

කමිටු වාර්තාවේ ඉංග්‍රීසි පිටපත සියලුම මන්ත්‍රීවරුන්ට මේ වනවිට බෙදාදී  අවසන් කර ඇත.



අදහස් (0)

දේශබන්දු යෝජනාවේ පුස්තකය පිටවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 242 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site