IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


දේශබන්දු නෙරපන විවාදය හෙට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී හෙට(5) විවාදයට ගැනීමට නියමිතය.

විවාදයෙන් අනතුරුව එදින  පස්වරුවේ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට අද  (4)  ඇතුළත් කෙරුණු ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම යෝජනාව දැනට පවතින්නේ පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේය.යෝජනාව න්‍යාය පුස්තකයේ සම්පූර්ණ දින පහක් තැබීමෙන් පසු පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත්  කෙරෙන බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.‍ෙමේ අතර විවාදය පැවැත්වෙන දින කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.

මෙම යෝජනාව සම්මත වීමට නම් නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව සියලු  මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩක්(113) ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රමාණවත්ය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංයුතිය අනුව මෙම යෝජනාව ස්ථිරියෙන්ම සම්මත වනු ඇතැයි දේශපාලන විචාරකයෝ සඳහන් කරති.

යෝජනාව සම්මත වූ බව කතානායකවරයා දැනුම් දීමෙන් පසු ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධූරය සඳහා නාමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කෙරෙනු ඇත.

 

 



අදහස් (2)

දේශබන්දු නෙරපන විවාදය හෙට

wedage Monday, 04 August 2025 03:23 PM

අනීතිකව ඡන්දයක් ඇල්බැඳුණු හිටපු කතානායකට දඬුවමක් නැත්ද?

:       0       4

Perera Tuesday, 05 August 2025 10:46 AM

මූව එලවන්න ඕන මඩු වලිගෙන් ගහලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 718 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17955 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 769 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site