
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ලබන සඳුදා ඇතුළත් කෙරුණු ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම යෝජනාව දැනට පවතින්නේ පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේය. යෝජනාව න්‍යාය පුස්තකයේ සම්පූර්ණ දින පහක් තැබීමෙන් පසු පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කෙරෙන බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය. තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් නෙරපීමේ යෝජනාව පිළිබඳ විවාදය ලබන 5 වැනිදා පැවැත්වේ.
විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීම සිදුකෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd