
(සුජිත් හේවාජුලිගේ)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව විවාදයට ගැනීම බොහෝ දුරට අවුරුද්දෙන් පසු දිනයක සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
ධූරයෙන් පහ කිරීමේ යෝජනාව සම්මත කිරීමට පෙර පොලිස්පතිවරයාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කිරීමට ත්‍රිපුද්ගල කමිටුව පත්කිරීමේ යෝජනාව ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
එම යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට දැනටමත් ඇතුළත් කරනු ලැබ ඇත.
ස්ථාවර නියෝග අනුව කමිටුව පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ ඡන්ද 113කින් සම්මත කළ යුතුව ඇත.
අගවිනිසුරුවරයා පත් කරන විනිසුරුවරයෙක්, ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ අගමැති සහ විපක්ෂ නායක යන දෙදෙනාගේ එකඟත්වයෙන් පත්කෙරෙන නියෝජිතයෙක් මෙම කමිටුවට ඇතුළත් වෙති.
ත්‍රිපුද්ගල කමිටුව ලබන 8 වැනිදා පත් කිරීමෙන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශනය කිරීමට එම කමිටුවට යම් කාලයක් ගතවනු ඇත.
දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් පහ කිරීමේ යෝජනාව සභාවට ඉදිරිපත් කෙරෙන්නේ එම කමිටුවේ වාර්තාව කතානායකවරයාට භාරදීමෙන් අනතුරුවය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ඇතුළු පාර්ශව කරුවන් නව දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සේවා කටයුතු අත්හිටුවමින් පසුගිය වසරේ ජූලි මස 24 වැනිදා නියෝගයක් නිකුත් කළේය.
මාතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ලබන මස 3 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටි.
ඔහු රඳවා සිටින්නේ මහනුවර දුම්බර බන්ධනාගාරයේය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සේවයෙන් පහ කිරීමේ යෝජනාව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සනින් යුතුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට පසුගියදා බාරදෙනු ලැබීය.
විෂමාචාර සහ දූෂණ, ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කිරීම, රාජකාරිය පැහැර හැරීම සහ පක්ෂග්‍රාහීව කටයුතු කිරීම යන චෝදනා හතර පදනම් කරගෙන මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
මෙම යෝජනාවට සහාය පළ කිරීමට සමගි ජන බලවේගය දැනටමත් තීරණය කර ඇත. මේ අනුව එම යෝජනාව සම්මත කිරීමට අවශ්‍ය බහුතරය ස්ථීරයෙන්ම ලැබෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දේශබන්දු අවුරුද්දෙන් පස්සේ ගෙදර?
බකල ජයා Saturday, 29 March 2025 04:12 PM
අවුරුද්දට කලින් යවන්න... ගෙදර අයත් එක්ක සතුටින් ආස්මී කන්න. හිසට කොස්කොලත්, මුවට තණකොලත්, පයට ගොක්කොලත් තබා නැකතට ස්නානය කරන්නත් පුළුවන්නේ.
Jagath Leanage Saturday, 29 March 2025 04:59 PM
ඒකනන් මරු කමෙන්ටුව...
බකල ජයාSaturday, 29 March 2025 06:32 PM
අන්තර්ජාලෙන් ඇස්වහ, කටවහ වැදුනොත් ඩේටා නැතිවෙලා අන්තර්ජංජාලයක් වෙනවා. ඒ වුණත් කමක් නෑ, ස්තූතියි.
Perera Sunday, 30 March 2025 06:59 AM
මයිනා ගාව රස්සාවක් ගන්න පුළුවන්