IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


දේශබන්දුගෙන් පූර්ව ඇප අයැදුම්පතක්

(රෝෂන් තුෂාර)

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අරගලකාරීන් විසුරුවා හැරීමේ විමර්ශනය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස අත්අඩංගුවට පත් වුවහොත් ඇප ලබාගත හැකි වන පරිදි පූර්ව ඇපයක් නියම කරන්නැයි ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  අපේක්‍ෂිත ඇප ඇයදුම්පත්‍රයත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ ඒකක 03 ස්ථානාධිපතිවරයා වග උත්තරකරු කරමින් මෙම ඇප අයදුම් පත්‍රය ඉදිරිපත් කළේය.

2022 මැයි මස 09වෙනි දින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අරගලකරුවන් විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු කටයුත්තක් විභාග වන බවත්,එම නඩු කටයුත්ත විභාග කොට අවසන් තීන්දුවක් ලබාදීමට පෙර අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ඇති බැවින් පූර්ව ඇපයක් නියම කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ගොනු කෙරිණි .

මෙම අපේක්‍ෂිත ඇප ඇයදුම්පත්‍රයක් සලකා බැලීමෙන් පසුව  ඒ පිළිබඳව කරුණු දැක්වීමට  ලබන 05 වන දින අධිකරණය පෙනී සිට කරුණුු දක්වන්නැයි කොටුව  මහේස්ත්‍රාත් නිලපුලී ලංකාපුර මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ ඒකක 03 ස්ථානාධිපතිවරයාට නොතිසි නිකුත් කළාය.

 

 



අදහස් (2)

දේශබන්දුගෙන් පූර්ව ඇප අයැදුම්පතක්

පන්සිළු Tuesday, 29 July 2025 07:36 PM

මේ උඩුයටිකුරු වෙච්චි සිද්ධියක්. නැවත දිනෙක යථා තත්ත්වයට පත් වේවි. එදාට...

:       0       7

ranjith Wednesday, 30 July 2025 07:27 AM

මේ මිනිහා ද සනත් නිශාන්තලා එක්ක හැසිරුණු විදිය හරිම අප්‍රසන්නයි. ස්වභාව ධර්මයෙන් කලකම් පළදෙනවා.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 22 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 17 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 732 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site