
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
දිවුලපිටිය, වෑවගෙදර ප්රදේශයේ පිහිටි කොහු කර්මාන්ත ශාලාවක අද ඇතිවූ හදිසි ගින්නකින් එම කම්හල විනාශයට පත්ව ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි.
හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ හතරක් එම ස්ථානයට යොමු කර තිබූ අතර දිවුලපිටිය ප්රාදේශීය සභාවේ ජල බවුසරද ඒ සඳහා යොදවා තිබිණි.
ගිනි නිවන භටයින් දැඩි පරිශ්රමයක් දරමින් ගින්න පාලනය කිරීමේ මෙහෙයුම්වල නිරතව සිටිනු දකින්නට ලැබිණි.
ගින්න හටගැනීමට හේතුව නිශ්චිතව අනාවරණය වී නොමැති අතර, ගින්නෙන් සිදුව ඇති දේපළ හානිය පිළිබඳව ද මෙතෙක් ගණන් බලා නොමැත. එමෙන්ම මෙම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් ද මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර, දිවුලපිටිය පොලිසිය සහ ගිනි නිවීමේ ඒකකය එක්ව වැඩිදුර විමර්ශන සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd