
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
දෙල් ගසකට නැගි පුද්ගලයෙකු අධි බල විදුලි සැර වැදී මියගිය බව බොරලැස්ගමුව පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ බොරලැස්ගමුව කටුවාවල ප්‍රදේශයේ ලී අලෙවි වෙළඳසැලක කම්කරුවෙකු ලෙස සේවය කරන ලිදුල මැග්ඩාශ් වත්ත පදිංචිව සිටි මුතු කුමාර් 38 එක්දරු පියෙකි
මියගිය පුද්ගලයා ලී අලෙවි වෙළඳසැලේ සේවය කරන රියදුරෙකු සමඟ දෙල්ගෙඩි කැඩීමට පැමිණ යකඩ පයිප්පයකට යකඩ කූරක් ගැටගසා දෙල් ගසට නැග තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
දෙල් ගෙඩි කීපයක් කඩා බිම පතිත කිරීමෙන් අනතුරුව එම දෙල් ගසට ආසන්නව තිබෙන වෝල්ට් 33000 අධිබලැති විදුලි රැහැන් අතර විහිදී තිබෙන දෙල් අතු අතර තිබෙන ගෙඩි කැඩීම සඳහා දෙල් ගසේ අඩි විස්සක් පමණ උඩට ගොස් ගෙඩි කැඩීමට සූදානම් වීමේදී අත දරා සිටින යකඩ පයිප්පය හරහා විදුලිය කාන්දු වී ශරීරයට වැදි ගසෙන් බිමට වැටී තිබූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිද්ධියක් සිදු වූ පසු නම් මිනිස්සු වට වෙනවා. ඒත් කවුරුත් නැහැ මේ මනුස්සයාට කරන්න යන දේ අවදානම පෙන්වන්න.
විදුලි බල මණ්ඩලය වග කියන්න ඕනේ මේ වගේ සිද්ධිවලට... දෙල් ගස් අස්සෙන් මොකටද මේ වගේ අධි බලැති රැහැන් අදින්නේ? මිනිස්සු දෙල් කඩනවා... ඒ අසල සැරි සරනවා කියලා තේරෙන්නේ නැද්ද...? අනික යකඩ බටේකින් දෙල් කඩන්න යනකොට ඒක කව්රුවත් දක්කේම නැද්ද වළක්වන්න..?
හොඳට නීතිය දන්නා, මෙහෙම නඩුවක් දිනා ගැනීමට හැකියාවක් ඇති දක්ෂ නීතිඥ වරයෙකුගේ සේවය ඇතිව, එම විදුලි රැහැන් හිමි සමාගමට එරෙහිව, සාධාරණය ඉල්ලා නඩුවක් පැවරිය යුතුයි. වෝල්ට්ස් 33000 ක අධිබල විදුලි රැහැන්, දෙල්ගස් තරම් උසකින් ඇදීමට උපදෙස් දෙන තරමේ, මැටි මෝල් ඉංජිනේරුවන් පත්කර ගත් එම සමාගමේ ඉහළ නිලධාරීහු මෙම අවාසනාවන්ත අනතුරට මුළුමනින්ම වගකිවයුතු වෙනවා..! එහෙම නැත්නම් මෙම දෙල්ගස අති විශාල උසකට සරුසාරව වැඩුණු ගසක් වෙන්නත් බැරිද? අනේ මගේ කට...! මීළඟ පාර ඔය වගේ volts 33000ක කේබල් අදින කොට, මගේ ආච්චිගේ වත්ත හතර වටේ තියෙන කටුකම්බි වැටේම එල්ලුවොත්, ඔය ගොබ්බ විදුලි බල සමාගමට සල්ලි කන්දරාවක් ඉතිරි කර ගැනීමට පුළුවන් කියා මගේ ආච්චි සීයාට කියනවා...