
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ජාතික රෝහලේ හෙදියක තම තෙවැනි දරුවා ප්‍රසූත කිරීමට යාමේදී පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
එසේ මියගොස් ඇත්තේ ඉසුරු නදීෂානි දිසානායක නැමැති 37 හෙදියකි.
ඇය මියගිය ද ඇයගේ කුඩා දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
එම මව අනුරාධපුර රෝහලේ වසර ගණනාවක් සේවය කර ඇති පසුව ඇය මීට තෙමසකට පමණ පෙර මහනුවර ජාතික රෝහලේ ළමා රෝග පිළිබඳ සායනයේ රාජකාරී සඳහා එක්ව තිබේ.
ඇයගේ තෙවැනි දරුවා පිළිසිඳ ගැනීමෙන් අනතුරුව ඇය කිසියම් අවදානම් තත්ත්වයක සිටින බවට වෛද්‍යවරුන් හඳුනාගෙන තිබී ඇති අතර සිදුකළ ස්කෑන් පරික්ෂාවේදී ඇයගේ වැදෑමහ පිහිටීමේ යම් අසාමාන්‍ය තත්ත්වයක් හේතුවෙන් ඇය කඩිනමින් සිසේරියන් සැත්කමකට භාජනය කිරීමට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සම්පත් තුෂාර ඥානරත්න මහතා මහතාගේ අධීක්ෂණය යටතේ පියවර ගෙන තිබුණි.
2025 දෙසැම්බර් මස 04
295
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
415
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දරු ප්‍රසූතියට ගිය හෙදිය මෙලොව හැර යයි
Jayasekara Thursday, 13 November 2025 09:50 AM
පර්වත ගුහාවක් තුළ, මහ සාගරයේ, අහසේ කොහේ සැඟව සිටියත් මරණයෙන් හා කර්මයෙන් බේරීමට නොහැක... (ගෞතම බුදු රජාණන් වහන්සේ)”
upali Thursday, 13 November 2025 02:49 PM
නිවන් සුව ලැබේවා මෙවන් අකල් මරණ යළි නොම වේවා.. සැමියාට සහ දරුවන්ට දරාගැනීමට ශක්තිය ලැබේවා