(විමුක්ති එස් රුද්‍රිගු)
තම පැටියා මියගිය වේදනාව දරා ගැනීමට නොහැකිව මළ සිරුර හිස මත තබා ගෙන පිහිනන තල්මසෙක් පිළිබඳ පුවතක් අද(03) විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ටෙල්ක්වා ලෙස ප්‍රසිද්ධ මෙම තල්මස් මවගේ පැටියා අලුත් අවුරුදුදා මියගොස් ඇති බවත් තම පැටියා මියගිය වේදනාව දරා ගැනීමට නොහැකිව කෙසේ හෝ බේරාගන්නා අදහසින් ඇය පෙරේදා(01) සිට සිය පැටියා ඔලුවේ තබාගෙන පිහිනන බවත් වොෂිංටන්හි තල්මසුන් පර්යේෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.
ටෙල්ක්වා ඇයගේ පැටියා සමග පසුගිය 20 වැනිදා පළමුවරට නිරීක්ෂණය වූ බවත් එම අවස්ථාවේ පැටියා ජීවතුන් අතර සිටි බවත් තල්මසුන් පර්යේෂණ මධ්‍යස්ථානය පැවැසුවේය. නමුත් පෙරේදා(01) ටෙල්ක්වා සිය පැටියාගේ මළ සිරුර ඔලුවේ තබාගෙන සියැටල් මුහුදේ පිහිනන අයුරු ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයේ පර්යේෂකයන් ඡායාරූප ගත කර ඇතැයි තල්මසුන් පර්යේෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.
මියගිය තම පැටියා ඔලුවෙන් තල්ලු කරමින් ටෙල්ක්වා පිහිනන බව මේ වනවිට තහවුරු වී ඇතැයි පර්යේෂණ විද්‍යාඥ බ්‍රැඩ් හැන්සන් පැවැසුවේය. පැටියාගේ මළ සිරුර ගිලීමට යනවිට මුහුදේ කිමිදී නැවතත් තම පැටියාගේ මළ සිරුර මුහුද මතුපිටට රැගෙන එන බවද ඔහු ප්‍රකාශ කළේය. ටෙල්ක්වා සිය පැටියා ඔලුවෙ තබාගෙන පිහිනන්නේ ශෝකය ප්‍රකාශ කිරීමක් ලෙස විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
මීට පෙරද 2018 වසරේදී ටෙල්ක්වාට පැටියෙක් අහිමිවී ඇති බවත් එම අවස්ථාවේ ඇය අඛණ්ඩව දින 17 ක් පැටියාගේ සිරුර හිසෙන් තල්ලු කරමින් කිලෝ මීටර 1000 ක් පමණ පීනා ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. තම පැටියාගේ මළ සිරුර ඔලුවෙන් තල්ලු කරමින් පිහිනන දර්ශනය දුටු බොහෝ සත්ව විද්‍යාඥයින් ඇයගේ මවු සෙනෙහස දැක කම්පාවට පත්වූ බවද ඔහු පැවැසුවේය.
බලන්ගොඩ වෙිිවැවත්ත ප්‍රදේශයේ අවුරුදු උත්සවයක ගිිස් ගස සිටු විමට ගිය තරුණයෙක් විදුලි සැර වැදී මියගොස් ඇතැයි වෙිිවැවත්ත පොලිසිය පැවැසීය.
මරදාන හා කොටුව අතර අද (01) පෙරවරුවේ මගී දුම්රියක් පීලි පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.
වැඩකරන ජනතාව ලෙයින් දහදියෙන් ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කළ වේදනාකාරී ඉතිහාසය නිමා කරමින් ජයග්‍රාහී වර්ෂයක ජනතා රජයක් යටතේ 139 වන ලෝක කම්කරු දිනය සමරන බ
“ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්” නිර්මාණය කිරීමට සහෝදරත්වයෙන් එක්ව පොර බැඳීමට මෙරට ආදරණීය වැඩකරන ජනතාවට ආරාධනා කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා කම
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ විශේෂ නියෝජිතයෝ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද හමු වූහ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දරු දුක උසුලන තල්මස් මවක්