IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


දරුවන් මත පටවා තිබෙන අධ්‍යාපනයේ බර අඩු කළ යුතුයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හැම දරුවෙකුටම ප්‍රශස්ත අධ්‍යාපනයක් ලබාදීමේ වගකීම ආණ්ඩුව විසින් බාර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද(24) පැවසීය.

ඉගැන්විය යුත්තේ කුමන විෂයන්ද කියා තෝරා ගැනීම කළ යුත්තේ අධ්‍යාපනඥයන් බව කී ජනාධිපතිවරයා  ආණ්ඩුවේ කාර්යභාරය වන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුව හැදීම බව අවධාරණය කළේය.

දරුවන් මත පටවා තිබෙන අධ්‍යාපනයේ බර අඩු කළ යුතු බව කී ජනාධිපතිවරයා රොබෝවරු වගේ දරු පරම්පරාවක් වෙනුවට දරුවෙකුට සජීවී ජීවිතයක් ලබාදීමේ අරමුණින් අධ්‍යාපන  ප්‍රතිසංස්කරණ සිදු කරන බව කීය.

ආගම්, ඉතිහාසය ආදී ඕනෑම දෙයක් ඉගෙන ගන්නා අතර අවශ්‍ය නම් ඒවායේ පරතෙරට යෑමට නව අධ්‍යාපන ක්‍රමයෙන් ඉඩ ලබා දී තිබෙන්නේ යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදය අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.



අදහස් (5)

දරුවන් මත පටවා තිබෙන අධ්‍යාපනයේ බර අඩු කළ යුතුයි

පිටරැටියා Thursday, 24 July 2025 01:46 PM

දියුණු රටවල වගේ හොඳ අධ්‍යාපන ක්‍රමයක් ලන්කාවේ ඇතිවෙනවා නම් කොයිතරම් හොඳද? වත්මන් ආණ්ඩුව ආවාට ගියාට තීරණ, තීන්දු නොගන්නා බව පැහැදිලියි. සිසුන්ට යහපතක් වෙනවා නම් ඒකයි වටින්නේ...

:       2       6

සමන් - ඕමානය Thursday, 24 July 2025 02:16 PM

අනේ ඔව්. ප්‍රශස්ත අධ්‍යාපනයක් දෙන්න ඕනෑ. සෞන්දර්යය වෙනුවට ස්ට්‍රයික් කරන හැටි, නවක වදය දෙන හැටි, වැඩ කඩාකප්පල් කරන හැටි, පෞද්ගලික විශ්ව විද්‍යාල නමැති අධ්‍යාපන කඩ සංකල්පය නැති කරන හැටි උගන්වමු. ලංකාව දුප්පත් පුංචි රටක් බව උගන්වා, නව පරපුරේ හීනමානය වඩවමු. ජෙප්පන්ට හා පාපිස්සන්ට ජයවේවා...!

:       6       5

මාලිමාගැත්තා Thursday, 24 July 2025 02:24 PM

ඒ වුණාට ඉතිහාසය සහ බුදු දහම නම් එපා නේද මෙයා...?

:       6       2

sene Thursday, 24 July 2025 03:21 PM

බොරු මැත වලින් වළකින්න ආදර්ශයක් දෙන්න .

:       1       1

අරවින්ද මොණරවිල Thursday, 24 July 2025 06:13 PM

සමහරුන්ට ඕනෑ වෙලා තිබුණා හරිනි සහ අනුර අතර ගැටුමක් තියෙනවා. හරිනි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න ගිහිල්ලා අනාගෙන තියෙන්නේ... ඒ නිසා අනුර මේ වැඩේට එන එකක් නැහැ... වගේ කතා හදලා සමාජය නොමග යවන්න. මේ ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් තියෙන්නේ... පුද්ගලික මතභේද ආරවුල් ගැටුම් කිසිවක් නැහැ. ඒක තුළ හැමෝම එකට එකතුවෙලා සාමුහික කටයුත්තක් කරන්නේ...! ඒ නිසා මාධ්‍ය ඉස්සර ගිහිල්ලා විකාර කියවලා ගොන්කම ප්‍රදර්ශනය කරන්න එපා...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 346 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2150 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1630 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site