(සුජිත් හේවාජුලිගේ)
දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම( පළමු වසරට) වාර්ෂිකව හතළිස් දහසකින් පමණ අඩු වී ඇතැයි සමීක්ෂණයකින් තොරතුරු හෙළිවී ඇති බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.
වාර්ෂික දරු උපත් අනුපාතය පහත වැටීම මෙයට ප්‍රධාන හේතුව බවද ඔහු සඳහන් කළේය.
සාමාන්‍යයෙන් දරුවන් වාර්ෂිකව ලක්ෂ තුනකට ආසන්න පිරිසක් පාසල්වලට බඳවා ගැනෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මේ අතර ප්‍රාථමික පාසල් 309ක් අලුතින් පිහිටුවන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මේ වසරේදී ප්‍රාථමික පාසල් 31ක් පිහිටුවන බව පැවසූ මධුර සෙනෙවිරත්න මහතා මෙම පාසල් සියල්ල එකම ගෘහ නිර්මාණ ශිල්පයකට අනුව සකස් කෙරෙන බවද ප්‍රකාශ කළේය.
එසේම එම ප්‍රාථමික පාසල් වෙනුවෙන් නූතන ලෝකයට ගැලපෙන ආකාරයේ වැසිකිළි පද්ධති හඳුන්වා දෙන බව හෙතෙම සඳහන් කළේය.
මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේද කිසියම් වෙනස්කම් ප්‍රමාණයක් කිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරු උපත් අඩුවීමට ගොඩක් හේතු තියෙනවා. පුංචි පවුල රත්තරන් කියලා මිනිස්සුන්ව ටික කාලයක් රට පාලනය කරපු තක්කඩියෝ මිනිස්සුන්ව බය කරලා දරු උපත් පාලනය කළා. අවුරුදු ගාණක් පෙම් කරලා බඳින්න කිට්ටු වෙනකොට පොරොන්දම් බලනවා, එයිට පස්සේ ගැළපෙන්නේ නැහැයි, බැන්දොත් අපලයි කියලා කවුරුහරි පිස්සෙක් කිව්ව ගමන් ඒකට බය වෙලා කසාද බඳින්නේ නැහැ. ගැළපුණේ නැත්නම් කොහොමද පෙම් කළේ කියන එක ප්‍රශ්නයක්. තමන් ගැන කිසිම ආත්ම විශ්වාසයක් නැතිකම සහ කොහෙවත් යන බොරුකාරයින්ව විශ්වාස කිරීමයි විවාහයන් ප්‍රමාද වීමට/නොවීමට මූලික හේතුව. නැකත් බල බල, පොරොන්දම් බල බල, ගැළපුණාට පස්සේ බඳින්නකොට 40 පැනලා. ඉතින් කොහෙද දරුවෝ ගොඩක් බිහි කරන්නේ? අපිට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. කතාබහ කරලා ගැළපුණාද බැන්දා. පොරොන්දම් හඳහන් පස්සේ දුවන්නේ නැහැ. බලන්නෙත් නැහැ. එහෙම කරන්න අපිට කිසිම උවමනාවකුත් නැහැ. අපිට හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා. විශ්වයේ හැම වෙලාවක්ම හොඳයි. ඒක නිසා තමයි දවසේ පැය 24 පුරාම ලෝකයේ කොහේ හරි දරු උපතක් සිදුවන්නේ. ඒකනිසා දෙන්නට දෙන්න කැමති නම් බඳින්න. හැකි පමණ දරුවන් බිහි කරන්න පරපුර පවත්වාගෙන යාම සඳහා. නැතිනම් කවුරු හෝ හාමුදුරු නමක් කිව්වා වගේ අනාගතයේ ලංකාවේ ජනගහනයෙන් වැඩි කොටසක් වන්නේ මුස්ලිම් ජනතාව කියන එක වළක්වා ගන්න බැරි වෙයි. දැන්මම වැඩ පටන් ගන්න. එතකොට ඉස්කෝලවලට ලැබෙන ඉල්ලුම්පත් වැඩි කරගන්නත් පුළුවන් වෙයි. මට කියන්න ඕනෑ ටික කිව්වා. මට කවුරුවත් බණින එකක් නැහැ මම හිතන්නේ.
ලමයි ඉස්කෝල දාන්න ගියාම ලමයි හදන්න එපා වෙනව…දැන් ඉස්කෝ්ලවලට ඉඩ ඇතිවෙයි…