
(යොහාන් භාසුර සහ රෝෂන් තුෂාර)
දරුවන්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ නීතියක් ලෙස සම්මත කර නොමැති යැයි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා නිකුත් කළ නිවේදනය පහත දැක්වේ. “
ඉහත සඳහන් කළ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය සැප්තැම්බර් 24 වැනිදා පවත්වන ලදී. එහෙත් අදාළ පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයක් පැවැත්වුවා මිස එය නීතියක් ලෙස සම්මත කර ගැනීමකින් තොරව කල්තැබු අතර, අදාළ පනත් කෙටුම්පත සම්මත කරනු නොලැබුවේ එම සංශෝධනය බලාත්මකවීමට නම් ඊට සමානව අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ ද සංශෝධනයක් සිදු විය යුතු බැවිනි.
මෙම පනත් කෙටුම්පත මෙතෙක් නීතියක් ලෙස සම්මත කර නොමැති අතර, මේ සඳහා සංශෝධන ඉදිරිපත් කළ යුතු නම් අදාළ සංශෝධන පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කිරීමේ හැකියාව පවතියි.
ළමුන්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වු පනත මේ දක්වා නීතියක් බවට පත්ව නොමැති බව අධිකරණ අමාත්‍යවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර සිටියි”
2025 ඔක්තෝබර් මස 08
1711
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දරුවන්ට දඬුවම් කිරීම ගැන පනත නීතියක් ලෙස සම්මත කර නෑ
කපුරුහාමි Friday, 03 October 2025 03:20 PM
ඒ වුණාට කොහෙන් දෝ වචනයක් දෙකක් අල්ලා ගත්තු, යන එන මන් නැති දේශපාලුවෝ කුලප්පු වෙලා ඉන්නේ...
මංබයියා Friday, 03 October 2025 03:30 PM
විපක්ෂයේ ඉන්න තිස්සකුට්ටි, චාමර සම්පත් වගේ උගත් බුද්ධිමතුන්ට හොඳ අවස්ථාවක් සංශෝධන ගේන්න...
අරවින්ද මොණරවිල Friday, 03 October 2025 03:58 PM
අශිෂ්ඨ අශිලාචාර මිනිසුන් කිහිප දෙනෙකු කෑ ගැහුවාට කමක් නැහැ. මේ රට තුළ ශිෂ්ඨ සමාජයක් ස්ථාපිත කිරීම සඳහා ළමුන්ට කායිකව හා මානසිකව දඩුවම් කිරීම රට තුළ තහනම් කරන්න. ඒක අනාගතය සදහා හොද ආයෝජනයක් වනු ඇත...