
රෝෂන් තුෂාර
කොළඹ ප්‍රසිද්ධ පාසලක් අසලදී දැරියක් පැහැරගෙන යාමට තැත් කළේ යැයි අත්අඩංගුවට පත් සැකකරු පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද(08) නියෝග කළාය.
කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සමීම් නැමැති පුද්ගලයකු මෙසේ පැය 72 ක් පොලිස් භාරයේ රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නාය .
කුරුඳු වත්ත පොලිසියේ සැරයන් තිලකරත්න මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම සැකකරුට අදාළ විමර්ශන කටයුතු අවසන් කර නොමැති බැවින් සැකකරු පැය 72 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
සැකකරු පැය 72 ක කාලයක් පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙස නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම දින 90ක රැඳවුම් නියෝග ලබාදිය යුතුයි. විමරුශණ අවසන් වූ වහාම නීතිපති විසින් කෙළින්ම මහාධිකරණයේ අධිචෝදනා ගොනු කළ යුතුයි.