
(දයාරත්න ඇඹෝගම)
පහළ දිවුල්වැව වැවේ දිය නෑමට ගිය හමුදා භටයෙකු දියේ ගිලී මියගිය බව කපුගොල්ලෑව පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කෑගල්ලේ පදිංචිව සිටි වවුනියාව,පංපේමඩුව යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ ඉෂාන් උදය කුමාර(38)නැමති හමුදා භටයෙකි.
මෙම යුද හමුදා භටයා තවත් හමුදා භටයන් තිදෙනෙකු සමග එම හමුදා කදවුරේම සේවය කරන හමුදා භටයෙකුගේ පියාගේ අවමගුලට සහභාගි විම සදහා පහළ දිවුල්වැව ප්‍රදේශයේ පිහිටි නිවසකට පැමිණ ඇති බව පොලිසිය කියයි.
අවමගුල් උත්සවය අවසන් කොට ඊයේ(27) මොවුන් ආපසු හමුදා කදවුරට යමින් සිටියදි පහළ දිවුල්වැව වැවට දිය නෑමට ගිය අවස්ථාවේදි මෙම හමුදා භටයා දියේ ගිලීමෙන් මිය ගොස් ඇති බව පොලිසිය පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම දුකයි. ඔබට නිවන්සුව පතමු. හමුදා භටයෙක් වෙලත් පීනන්න බැරිද? අනිත් භටයෝ මේ වෙලාවේ හිටියේ නැද්ද තම සොහොදර සෙබලා බේරාගන්න...