
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙකුට එරෙහිවද මෑතකදී විමර්ශනයක් ආරම්භ කර ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරු දරන්නකු තමන්ගේ පෞද්ගලික කටයුත්තකට අදාල තොරතුරු පිටට දුන්නේ යයි සැක කරමින් බාහිර විමර්ශන නිලධාරියකු සම්බන්ධ කරගෙන මෙම නිලධාරියා සම්බන්ධයෙන් මෙලෙස විමර්ශනයක් ආරම්භ කර ඇති බව දැනගන්නට ඇත.
ඉහත සඳහන් කෙරුණු උසස් නිලධාරියා විනය විරෝධී ක්‍රියා ඇත්දැයි සොයා ක්‍රියාමාර්ග ගැනීම මෙම පරීක්ෂණයේ අරමුණ වී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
කෙසේ වෙතත් එම විමර්ශන නිලධාරියාට මෙතෙක් එම උසස් නිලධාරියා සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි වරදක් හෝ විනය විරෝධී කටයුත්තක් සොයා ගැනීමට හැකිවී නැතැයි වාර්තාවේ.
කිසිදු චෝදනාවක් නොමැති යැයි සඳහන් වන නිලධාරියකු සම්බන්ධයෙන් මෙවැනි ආකාරයේ විමර්ශනයක් ආරම්භ කිරීම පිළිබඳව පාර්ලිමේන්තු සේවකයෝද නොසතුට පළ කරති.
පාර්ලිමේන්තුවේ මෙම උසස් නිලධාරියාට එරෙහිව කරන අමුතුම විමර්ශනය ගැන දේශපාලන පිටියේද මේ දිනවල දැඩි කතා බහට ලක්ව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යසයි, කේලාම්කරුවන්ගේ රජ දහනක් වෙලා අපේ රටේ. කේලාම් කියා මාලිමාවුන් අවුස්සා මිනිසුන්ගේ ජීවිත අවුල් කිරීම ආරම්භ වෙලයි තියෙන්නේ. මාලිමාවුනුත් ජීවිත කාලෙම පැරනොයිඩ් වෙලා එකිනෙකා, ලෝකේ සැක කරමින් දේශපාලනේ කල නිසා කෙලාම්කරුවන් කියන සියලු දේ පිළිගන්නවා....
පාර්ලිමේන්තුවේ ඉහළ පුටුවල ඉන්නේ රාජපක්ෂලා හදාගත්තු කුක්කෝ…