IMG-LOGO

2024 ජුලි මස 18 වන බ්‍රහස්පතින්දා


දඹුල්ල තණ්ඩර්ස් හිමිකාරිත්වය ඉල්ලා නඩු දමයි

(රෝෂන් තුෂාර)

එල් .පී.එල්. ක්‍රිකට් තරඟාවලියට ඉදිරිපත්වන දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය අවලංගු කිරීමේ  තීරණය නීති විරෝධී බවට ප්‍රකාශයක් නිකුත් කර එහි හිමිකාරීත්වය තමන් වෙත පවරන තීන්දුවක් නිකුත් කරන්නැයි  ඉල්ලා එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ   සමාගමක් කොළඹ දිසා අධිකරණය හමුවේ අද (24) නඩු පැවරීය.

දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකාරත්වය දැරූ ඉම්පීරියල් ස්පෝට්ස් ගෲප් සමාගම විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබු අතර  විත්තිකරුවන් ලෙස එක්සත්  අරාබි එමීර් රාජ්‍යයයේ   ද අයි.පි ජි.ගෲප් නම් කර තිබිණි.

මෙම පැමිණිල්ල අද කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ කැඳවූ  අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත එල්. පී. එල් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්‍යවශ්‍යම පාර්ෂවකරුවකු වශයෙන් සැලකිය යුතු බවත් එම ආයතනය මෙම නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම්කර නොමැති බවත් පෙන්වා දුන්නේය.

දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය දැරූ තැනැත්තා තරග පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර  ඇති බව පැවසූ ජනාධිපති නීතිඥවරයා මෙම නඩුවෙන් ඉල්ලා තිබෙන වාරණ නියෝග නිකුත් කළහොත්   ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැඩි අගතියක් සිදුවන බව පෙන්වා දුන්නේය.

ඒ අනුව  මෙම නඩුව මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසද   ඉල්ලා සිටියේය.

පැමිණිලිකාර සමාගම වෙනුවෙන් නීතිඥ ජය මුදිතා ජයසූරිය මහත්මියගේ උපදෙස් පරිදි  පෙනී සිටි නීතිඥ රසික දිසානායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය අහිමි කිරීම හේතුවෙන් තම සේවා දායකයාට ඇමරිකානු ඩොලර් දොළොස් ලක්ෂ පනස් දහසක මුදලක් අහිමි වී ඇතැයි පැවසීය.

තම සේවාදායක සමාගමේ කොටස්කරුවෙකු තරග පාවාදීමේ චෝදනා මත අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණත් ඔහුට එරෙහිව මේ දක්වා චෝදනා පත්‍ර ගොනු කර නොමැති බව පෙන්වා දුන් නීතිඥවරයා සාධාරණ කරුණු විමසීමකින් තොරව දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය අහිමි කිරීම නීතියට පටහැනි බවත් පෙන්වා දුන්නේය.

මෙම නඩුවෙන් ඉල්ලා තිබෙන වාරණ නියෝග නිකුත් කළහොත් එල්.පී.එල් තරගාවලිය පැවැත්වීමට බාධාවක් සිදු නොවන බවත් ඒ තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු අගතියක් සිදු නොවන බවත් නීතිඥවරයා පැවසීය.

නඩුවේ වග උත්තර කරුවන් වශයෙන් නම්කර සිටි අයි.පී.ජී ගෲප් සහ ඉනොවේටිව් ප්‍රඩක්ෂන් ගෘප් සමාගම් වෙනුවෙන් පෙනී සිටි  නීතිඥ රුවන්ත කුරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් ඩුබායි රාජය කේන්ද්‍ර කරගෙන  කටයුතු කරන ආයතන බවත් ඔවුන්ට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පැවරිය නොහැකි බවත් පෙන්වා දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා මෙම නඩුවේ අත්‍යවශ්‍ය පාර්ශව නම් කර නොමැති බව පෙනී යන හෙයින් සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ පැමිණිල්ල සංශෝධනය කර  සතියක් තුළ ගොනු කිරීමට පැමිණිල්ලට හැකියාවක් තිබෙන බව නියෝග කළේය.

ඒ අනුව අදාළ පැමිණිල්ල පැමිණිලිකරුවන්ට යළි භාරදුන් අධිකරණය එය සංශෝධනය කර නැවත ඉදිරිපත් කරන්නේ නම් විත්තිකරුවන්ටද නොතිසි ලබා දීමට  පියවර ගන්නා ලෙසත් පැමිණිලිකරුවන්ට නියෝග කර සිටියේය.



අදහස් (0)

දඹුල්ල තණ්ඩර්ස් හිමිකාරිත්වය ඉල්ලා නඩු දමයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවුරුදු හතරේ දැරිය ළිඳට බිලි
2024 ජුලි මස 18 26 0

බුලත්කොහුපිට්ය කිරිපෝරුව ප්‍රදේශයේ වතු ගම්මානයේ සිට් වයස අවුරුදු හතර හමාරක කුඩා දැරියකගේ මළ සිරුරක් පාළු ළිදක තිබී සොයා ගත් බව රුවන්වැල්ල පොලීසිය ක


දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි: සුළං ඉදිරියටත්
2024 ජුලි මස 18 202 0

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනහරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තිස්ස අත්තනායක රිය අනතුරක
2024 ජුලි මස 18 1928 2

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ජාවත්ත මාර්ගයේ සළුසල අසලදී අනතුරකට ලක්වී ඇතැයි නාරාහේන්පිට පො


උපසම්පදා පිංකමට ගල් පෙරළයි
2024 ජුලි මස 18 2630 3

කරුවලගස්වැව අලුත්ගම ලුම්බිණි විහාරස්ථානයෙ උප සම්පදා උත්සවයට සහභාගි වු පිරිසකට ඊයේ 16 දින සවස එල්ලවු ගල් හා පොලු මුගුරු ප්‍රහාරයකින් තුවාල ලැබු දෙදෙනක


බයිඩන්ට කොවිඩ්
2024 ජුලි මස 18 944 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට ’කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි ධවල මන්දිරය පවසයි. 81 හැවිරිදි ජනාධිපතිවරයාට මීට පෙර ද ’කොවිඩ් 19’ ආසාදනය විය.


ලෝක උරුමයක් වූ මහා වංශය පුස්තකය
2024 ජුලි මස 17 1070 2

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලය සතු මහා වංශය පුස්තකය ලෝක උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් අවුඩ්


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 127 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 993 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1876 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site