IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


දඹදිව සිද්ධස්ථාන වලට අපේ ආධාර අවශ්‍යයි

(අංජුල මහික වීරරත්න)

දඹදිව සිද්ධස්ථාන අලුත් වැඩියා කටයුතු සම්බන්ධයෙන් ලක්දිව දානපතියන්ගේ මෙන්ම ආණ්ඩුවේද අවධානය යොමු විය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(5) පැවසීය.

කත්මණ්ඩු ආනන්ද කුටියට 2015 වසරේ භූමි කම්පාවෙන් හානි සිදුවූ අවස්ථාවේදී එම කුටිය ගොඩ ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඩොලර් මිලියන දෙකක පරිත්‍යාගයක් කළ බව කී හිටපු ජනාධිපතිවරයා එම කුටිය නැවත සැකසුවේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමියන්ගේ 75 වන ජන්ම දෙන පුණ්‍යෝත්සවය අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.මරදාන මාලිගාකන්ද මහා බෝධි අග්‍රශ්‍රාවක විහාරස්ථානයේ දී මෙම පුණ්‍යේත්සවය පැවැත්විණි.

ඉත්තෑපානේ ධම්මාලංකාර කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානාහිමි ප්‍රමුඛ මහාා සංඝරත්නයද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලනඥයෝ ද ව්‍යවසායකයෝ ඇතුළු  පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.



අදහස් (15)

දඹදිව සිද්ධස්ථාන වලට අපේ ආධාර අවශ්‍යයි

පිටිගල මිලානෝ Sunday, 05 January 2025 03:01 PM

මරු විකලෙන් කියවන්නේ නැතුව ඉන්න හලෝ… මහ බැංකුව කඩපු සල්ලි යවන්න…

:       19       48

ABMonday, 06 January 2025 08:26 AM

බියගම විහාරමහා දෙවි ළමා නිවාසය සහ ඒ යාබද පිහිටුවා තිබෙන්නා වූ මෙහෙණින් වහන්සේලා සඳහා උපාසිකාරාමයක් වෙනුවෙන් සහ මානෙල් වතු විහාරයට ඉඩම් ලබාදී තිබෙනුයේ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා විසිනි. එම ළමා නිවාසය අදටත් සාර්ථකව පවත්වාගෙන යාම සිදුවේ. එම උපාසිකාරාමයේ පළමු මෙහෙණින් වහන්සේ වූ සුධර්මා මෙහෙණින් වහන්සේ දැනට වසර 35 කට පමණ පෙර මේ පිළිබඳව මා සමග පවසා ඇත. එම මෙහෙණින් වහන්සේ භික්ෂුණිය වශයෙන් අවශ්‍ය කටයුතු සියල්ල සඳහා එතුමා මැදිහත්වී ඇත. එකල එම උපාසිකාරාමය අවට පරිසරය සහ භූමිය ඉතාම නිහඬ, දැකුම්කලු දෙපසින් කුඹුරු යායක් සහිත පරිසරයකින් යුක්ත වූ භුමි භාගයකි. එකල මෙහෙණින් වහන්සේලා 4 දෙනෙකු පමණ එහි වාසය කළහ. ඉන්දියාවේ ලුම්බිණි පූජාභූමිය අවට පරිසරය තුළ භික්ෂුණීන් වෙනුවෙන් උපාසිකාරාමයක් ගොඩනගා පූජා කිරීමට හැකිනම් එය ඉතාම උතුම් පින්කමකි. ලංකාවේ නව ජපාන තානාපතිවරයා පසුගිය දිනක අස්ගිරි මල්වතු නාහිමි බැහැ දැකීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ඔහුට තානාපති කාර්යයෙන්ගෙන් ඔබ්බට ගොස් වුවද ලංකාවට සහයෝගය ලබාදීමට කැමැති බවකි...

:       1       1

වික්‍රව විදුර Sunday, 05 January 2025 03:02 PM

ඈ බන් ඩොලර් මිලියන 2ක් දුන්නා කිව්වේ හැදුවේ හමුදාවෙන් නම් ඩොලර් මිලියන 2 ට මොනවද වුනේ..? මේවා අපබ්‍රංසනේ... හොරා කාලා ඉවර වෙලා තවත් කියවනවා. ඉක්මනට හිරේ දාන්න ඕනෑ...

:       14       45

පම්පෝරි ජනක Sunday, 05 January 2025 03:06 PM

එන සැරේ ජනාදිපති වරනෙට ඉදිරිපත් වෙලා අපහු රටටම විහිළුවක් වෙන්නේ නැතිව ඒ මුදල් ටික එකතු කරලා දඹදිව සිද්දස්ථාන අලුත් වැඩියාවට ආධාර කරන්න

:       6       34

ගමේ එකාලා Sunday, 05 January 2025 03:17 PM

පින් ජනපති කාලේ ගසාකාපු සල්ලී වලින් ආධාර කරන්ඩ බැරිකමක් නැහැනේ?

:       7       36

ravin Sunday, 05 January 2025 04:17 PM

අපොයි දෙයියන්නේ අමතකද ඉන්දියාවේ හිගන්නන්ගෙනුත් පහුගිය කාලේ හිගා කාපු මුදල් අපිට එවවා.තමුන්ලාගේ කෙරුවා වල පතිඵල තමයි මේවා

:       5       38

fairoos Sunday, 05 January 2025 05:11 PM

අප්පට සිරි... ඩොලර් මිලියන 2ක් දීලා..? ලංකාවේ බංකොළොත් කරලා තව ආධාරත් දෙනවා.

:       5       32

විජිත් Sunday, 05 January 2025 05:30 PM

ආධාර? ඉන්දීය ආධාර යටතේ ලංකාවට ගෙනාපු බස් 500න් එකකින් රුපියල් ලක්ෂ 60 ගානේ හොරකම් කලේ කවුද සීයේ? හිරේ යන්න ලැහැස්ති වෙනවා.

:       5       28

Rocky Sunday, 05 January 2025 06:09 PM

තවත් ජාවාරමකට සූදානම් වෙනවද? ඔය ස්ථාන බලන්න එන අයගෙන්, ටුවරිස්ට්ලාගෙන් හොඳ ආදායමක් එනවා නේද?

:       3       18

Chathuri Sunday, 05 January 2025 06:42 PM

ජනාධිපති අරමුදලෙන් අරගන්න තිබුණා නේද? බලය තිබුණා නම් මීහරකාට අසරණ මිනිසුන්ට සතයක් දුන්නේ නැහැ. සේරම ගොබ්බ රැලට දැන් පුරාවස්තු සුරකින්න යනවා. තමුන්ට තියෙන දේපළ විකුණලා දෙන්න දරුවෝත් නැහැනේ... මේ වගේ කෙනෙක්ට කොහෙන්ද දරුවෝ...? පපුවක් නැහැ, කලුගලක් අනුරගෙන් ඉගෙන ගන්න ජනාධිපති කෙනෙක් රට කරන හැටි ඔය කෝට් එක ගලවලා සරම අඳින්න හිතන් ඉන්නේ... හරි උගතා කියලා සේරමලා දන්නවා...

:       3       18

Perera Sunday, 05 January 2025 07:04 PM

අර්ජුන් මහේන්ද්‍රන් එක්ක එකතු වෙලා ගසකාපු සල්ලි ඕවාට යොදවන්න...!

:       2       24

chandima Monday, 06 January 2025 04:02 AM

අම්බලමේ පිනා, මේවට මට හිනා.

:       1       1

AB Monday, 06 January 2025 08:26 AM

ඔහු ජේ ආර් ජයවර්ධන මැතිතුමා පිළිබඳව මල්වතු නායක ස්වාමින් වහන්සේ සමග අදහස් හුවමාරු කරගැනීමක් පවා සිදුවිය. ජපානය සහ ශ්‍රී ලංකාව එක්ව ලුම්බිණියේ පූජාභූමිය අවට පරිසරය තුළ භික්ෂුණීන් වෙනුවෙන් උපාසිකාරාමයක් ගොඩනගා පූජාකිරීමට පිළිබඳ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජපාන තානාපතිවරයාට යෝජනා කළහොත් ජපානය ඉතාම ගෞරවයෙන් යුක්තව එකඟ වෙනවා ඇත. ඒ සඳහා ජපාන ගෘහනිර්මාණ ශීල්පින්ගෙන් පවා සැලසුම් සහ සීමාරහිත සහයෝගයක් ලබාගත හැකි වනු බව මගේ විශ්වාසයයි. ලංකාවේ වර්තමාන ජපාන තානාපතිවරයා මීට පෙර කැනඩාවේ සේවය කර තිබේ.

:       1       0

Jayasekara Monday, 06 January 2025 10:10 AM

පුළුවන් නම් වන්දනා ගාස්තු අඩුකරන්න යෝජනා කරන්න. 2015 මම ගියේ දින 12ක චාරිකාව. 85000ට... දැන් 250000යි. මේක සාමාන්‍ය ජනතාවට ලොකු ගාණක්...

:       0       1

m. saman perera Monday, 06 January 2025 11:40 AM

අවසාන කාලේ විකාර කරන්නේ නැතිව ඉන්න ඔයා...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්ධන මිල පහළට
2025 අප්‍රේල් මස 30 780 0

පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.


වැඩි මිලට වතුර වික්කාට ලක්ෂයක් දඩ
2025 අප්‍රේල් මස 30 546 0

පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම


මාර්ග ආරක්ෂාව රකින්න ජාතික සැලැස්මක්
2025 අප්‍රේල් මස 30 313 0

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික


ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ
2025 අප්‍රේල් මස 30 336 0

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.


මැයි රැළියට බස් 5,532 ක්
2025 අප්‍රේල් මස 30 820 0

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ


කෝටියක කුඩු සමඟ අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 30 396 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 253 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 72 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1102 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site