
( මහින්ද නිශ්ශංක )
ලබන මාර්තු 10 දා සිට කොළඹ කොටුව _බදුල්ල , බදුල්ල _ කොටුව හා කොටුව _ තලෙයිමන්නාරම, තලෙයිමන්නාරම කොටුව අතර ධාවනය කෙරෙන දුම්රියවල තුන් වන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම් ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.55 ට බදුල්ල බලා ධාවනය කෙරෙන පොඩි මැණිකේ සහ පෙරවරු 8.30 බදුල්ල බලා යන උඩරට මැණිකේ සහ පස්වරු 3.45 ට තලෙයිමන්නාරම දක්වා ධාවනය කෙරෙන දුම්රියවලද බදුල්ල සිට කොටුව හා තලෙයිමන්නාරම සිට කොටුව දක්වා ධාවනය කෙරෙන එම දුම්රියවලද තුන්වන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම ඉවත් කෙරෙන බව දෙපාර්තමේන්තුව සදහන් කරයි.
තුන්වන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම ඉවත් කිරීමෙන් පසු එම මැදිරි තුන්වන පන්තියේ සාමාන්‍ය මැදිරි ලෙස ධාවනය කෙරෙන අතර සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කරන බව දුම්රිය වාණිජ අධිකාරී ජී.ඩි . ඒ.සමරසිංහ මහතා පැවසීය.
මෙම දුම්රියන් සදහා තිබූ තුන්වන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම් ඉවත් කිරීම හේතුවෙන් සාමාන්‍ය හා අඩු ආදායම් ලාභී ජනතාව අපහසුතාවයට පත් වන බව දුම්රිය වෘත්තීය සමිති සදහන් කරති.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය හයක තුන්වන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම් 10 දා සිට ඉවතට