
(ප්‍රසාද් රුක්මල් සහ යොහාන් භාසුර)
දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (16) මධ්‍යම රාත්‍රි සිට සංකේත වැඩ වර්ජනයක නිරත වීම නිසාවෙන් බදුල්ල කොළඹ කොටුව රාත්‍රි තැපැල් දුම්රිය න් දෙකම මීට සුලු මොහොතකට පෙර දි අවලංගු කල බව දුම්රිය පාලන මැදිරිය පවසයි.
ඉල්ලීම් කීපයකට විසදුම් ඉල්ලා දිවයින පුරා දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (16) මධ්‍යම රාත්‍රි සිට මෙසේ වැඩ වර්ජනයක නිරත වන බවත් දුම්රිය ස්ථානාධිපතිවරුන් පැවසූහ.
මේ නිසාවෙන් බදුල්ල සිට කොළඹ කොටුව බලා අද (16) පස්වරු 6.30 ට ගමන් ආරම්භ කල අංක 1046 දරන රාත්‍රි තැපැල් දුම්රිය හාලිඇල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වී යලි හාලිඇල සිට බදුල්ල බලා ධාවනය කෙරිණ.
එම දුම්රියේ පැමිණි මගින්ද හාලිඇල සිට යලි එම දුම්රියෙන් බදුල්ල බලා පිටව ගියහ.
මේ අතර කොළඹ කොටුව සිට බදුල්ල බලා කොළඹ කොටුවෙන් රාත්‍රි 8.30ට ගමන් ආරම්භ කිරිමට නියමිතව තිබූ අංක 1045 දරන රාත්‍රි තැපැල් දුම්රිය ද අවලංගු කල බව දුම්රිය බලධාරින් සදහන් කලේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මිනිස්සු දන්න එකම රස්සාව වැඩ වර්ජන. නිකං ඉන්න දුන්නා නම්, පඩිත් එක්ක, ඔය වර්ජන නැති වේවි. ආණ්ඩුවට මීට වැඩිය හිතන්න වේවි. කරුණාකර දුම්රිය සේවය සුද්ද කරන්න..
මේ වගේ රාජ්‍ය සේවයක් ඉන්නකල් මේ රට මෙහෙමයි...