
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මොරටුවේ සිට කන්කසන්තුරය දක්වා ඉකුත් 4 වැනිදා මධ්‍යම රාත්‍රියේ ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ ප්‍රවේශපත්‍රයක් නොමැතිව වඩේ විකුණමින් ගමන් ගත් අයකු අල්ලා ගැනීමට ගිය දුම්රිය ආරක්ෂක නිලධාරියකුාගේ නිකට ප්‍රදේශය පිහියකින් කැපීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොල්ගහවෙල පොලිසිය කියයි.
දුම්රිය ආරක්ෂක නිලධාරියා පිහියකින් කැපූ වඩේ විකුණන්නා අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
මෙම ආරක්ෂක නිලධාරියා රාත්‍රී තැපැල් දුම්රියේ ගමන් ගත් මගීන්ගේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරමින් සිටි අවස්ථාවේ එම දුම්රියේ වඩේ විකුණමින් සිටි පුද්ගලයා ප්‍රවේශ පත්‍රයක් නොමැතිව ගමන් කරන බවට හෙළිවීමෙන් පසු ඔහු අල්ලා ආරක්ෂක නිලධාරීන් ගමන් කරන මැදිරියේ රඳවා තබා ගෙන ඇත.
ඒ අවස්ථාවේ වඩේ විකුණන්නා ලූණු කැපීමට උපයෝගී කරගන්නා පිහිය ගෙන ආරක්ෂක නිලධාරියාගේ නිකට ප්‍රදේශය කපා තුවාල කර ඇති අතර පොල්ගහවෙල දුම්රියේ ස්ථානයේ දුම්රිය නතර කළ අවස්ථාවේ පිහිය ද සමග පොල්ගහවෙල පොලිසියට බාර දී ඇත.
2025 නොවැම්බර් මස 04
487
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2229
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දුම්රියේ වඩේ වෙළෙන්දා නියාමකට පිහියෙන් ඇනලා
Perera Monday, 07 July 2025 08:08 AM
චාමර... චාමර... මෙන්න මූට පොඩි සපෝට් එකක් දෙන්නකෝ.
MD Monday, 07 July 2025 09:00 AM
ඵතකොට ආරක්ෂක නිලධාරීයගේ නිකට බාරදීලා ගියේ නැහැ නේද?ඵම නිසා මාලිමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යාක්ෂක ශානී අබේසේකර උපදෙස් පරිදි නීතිපති විසින් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට විරුද්ධත්වයක් නොමැති බව අධිකරණයට දැනුම් දීමට උත්සාහ ගනීද?(අනේ බුදු රන්ජන් රාමනායක මහත්තයෝ ගෙදර වළං හෝදන්න එන්නම් අරක නම් කියන්න ඵපෝ කියලා කවුරුහරි කියලා තියෙනවද?)
දුංහිඳ Monday, 07 July 2025 09:31 AM
හිඟාකන අය සහ ඉතා අපිරිසිදු ලෙස මෙලෙස වෙළඳාම් කරන අය , සමාජයේ සිටින හොඳ මිනිසුන් සහකම්පනයෙන් බැලුුවත් ඇක්තටම ඔවුන් බොහෝමයක් අහින්සකයින් නොවේ. වංචනිකයින් සහ මැරයින්ය.
SarasiMonday, 07 July 2025 10:15 AM
අහිංසක උනත් නැති උනත් ඒක කරදරයක් නම්, දුම්රියේ තහනම් නම් නීතිය කාටත් පොදු විය යුතුයි.
දියලුම Monday, 07 July 2025 10:03 AM
දුන්හිඳ ඔබගේ අදහස වටිනවා , නමුත් ඔහුන් කාරුණික ලෙස හැසිරිය යුතුයි
තුෂාර Monday, 07 July 2025 10:09 AM
කන්කසන්තුරේ යන්න එන්න ටිකට් අරන් ගියොත් වඩේ සල්ලි වලින් ගෙවලා පාඩුවේ ගෙදර යන්න පුළුවන්. එච්චරයි වෙන මොකුත් නෑ
pakeer Monday, 07 July 2025 04:22 PM
දුම්රියේ වෙළෙඳාම තහනම් කළ යුතුයි.