
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
කැලණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව සැකකරු අත්අඩංගුවටට ගෙන ඇත.
පැමිණිලිකරු වලංගු ප්‍රවේශපත්‍රයක් නොමැතිව ඉකුත් මස 28 වෙනි දින කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය හරහා ගමන් කළ බවට චෝදනා කරමින් පැමිණිලිකරුගේ ජාතික හැඳුනුම්පත භාරයට ගෙන එසේ භාරයට ගත් හැඳුනුම්පත නැවත පැමිණිලිකරුට ලබාදීම සඳහා රුපියල් 3000/= ක් ඉල්ලා එකී මුදල රුපියල් 1500/= දක්වා අඩු කර අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත සැකකාර සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරු කොටුව දුම්රිය ස්ථානයේ වේදිකා අංක 7-8 හි පිහිටි සංචාරක ප්‍රවේශ පත්‍ර පරීක්ෂක කාර්යාලය තුළදී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය සේවයේ සිටින අසමජ්ජාති කල්ලිය... ඔක්කොම රට හොරු...
ඕවා තමයි වෙන්න ඕනෑ, ඔක්කෝම අල්ලස් ගන්න එවුන් කොටු කරලා රස්සාව නැති කරවන්නම ඕනෑ...