IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


දෙමටගොඩ රුවන්ගේ කෝටි 10ක දේපොළ සී.අයි.ඩීයට

(ගයාන් සූරියආරච්චි)

සංවිධානාත්මක හා අපරාධ කල්ලි සාමාජිකයකු වන දෙමටගොඩ රුවන් නැමැත්තාට අයත් රුපියල් කෝටි 10 කට ආසන්න වටිනාකමකින් යුත් පස් මහල් ගොඩනැගිල්ලක්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගනු ලැබීය.

එම ගොඩනැගිල්ල දෙමටගොඩ රුවන් නැමැත්තා විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් ලබාගත් ගොඩනැගිල්ලක් බවට අනාවරණයවීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ භාරයට ගත්තේය.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් මීට පෙර දෙමටගොඩ රුවන්, ඔහුගේ බිරිය, ඔහුගේ සහෝදරියට සහ පුත්‍රයාට එරෙහිව නීති විරෝධීව උපයාගත් දේපොළ සම්බන්ධයෙන් නඩු පවරා තිබුණි.

මත්ද්‍රව්‍ය හා පාතාල සාමාජිකයන් විසින් නීති විරෝධීව උපයාගත් බව කියන දේපොළ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ කරනු ලබන විමර්ශනවලට මෙම ගොඩනැගිල්ල ක්‍රියා විරහිත තත්ත්වයට පත්කළ බව උසස් නිලධාරියෙක් පැවැසීය.

 



අදහස් (0)

දෙමටගොඩ රුවන්ගේ කෝටි 10ක දේපොළ සී.අයි.ඩීයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 174 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2063 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site