
(නිමල කොඩිතුවක්කු)
බෝවන රෝග සහිත පුද්ගළයින් දන්සල් සංවිධාන කටයුතු වලින් සහ දන්සල් වලට සහභාගී වීමෙන් වලකින්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
මේ දිනවල බොවෙන රෝග සීඝ්‍රයෙන් පැතිරීම හේතුවෙන් අන් අයගේ යහපතා තකා හැකි තරම් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසත් එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසීය.
දිවයින පුරා පැවැත්වෙන සියලු දන්සැල් වෙසක් සතිය පුරාවට අඛණ්ඩව පරීක්ෂා කිරීම් වලට ලක් කරන බවද ඔහු සඳහන් කළේය.
අපිරිසිදු ආකාරයට ආහාර පිලියෙළ කරන සහ සනීපාරක්ෂාවට අහිතකර ආකාරයෙන් ආහාර පිළියෙළ කරන දන්සල් එම ස්ථානයේදිම නතරකිරීමට කටයුතු කරන බවද මුතුකුඩු මහතා පැවසීය.
වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා දන්සැල් 8894ක් ලියාපදිංචි වී ඇති බවත් ඔහු කීවේය.
එම දන්සල් පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2500ක් යොදවා ඇතැයි ද මුතුකුඩ මහතා තවදුරටත් පැවසීය.
2025 නොවැම්බර් මස 04
686
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2356
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දන්සැල් ගැන දැනුම් දීමක්