IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දන්ත ශල්‍ය වෛද්‍ය පත්වීම් කඩිනම් කරයි

(අංජුල මහික වීරරත්න)

නව දන්ත ශල්‍ය වෛද්‍ය පත්වීම් සඳහා  කඩිනමින් අනුමැතිය  ලැබෙනු ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

පත්වීම ප්‍රමාද වීම හේතුවෙන් දැනට දුෂ්කර සේවයේ නියතුව සිටින දන්ත ශල්‍ය වෛද්‍යවරුන් මුහුණපාන ගැටළු පිළිබඳ අවධානය යොමු කර පත්වීම් කඩිනම් කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට  උපදෙස් දුන්නේය.

වැටුප් ගැටළුව විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට  කටයුතු කරන බව ද අමාත්‍යවරයා කීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය සංගමයේ (Government Dental Surgeons' Association - GDSA) නිලධාරීන් අතර සාකච්ඡාවකදී  අමාත්‍යවරයා මේ බව කීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී මෙය පැවැත්විණි. 



අදහස් (0)

දන්ත ශල්‍ය වෛද්‍ය පත්වීම් කඩිනම් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site