
(බී ජී චතුරංග)
ස්පා ආයතනයක සේවය කළ 22 හැවිරිදි තරුණියකගේ ලිංගික දර්ශන සූක්ෂම ලෙස පටිගත කර, ඒවා ප්‍රසිද්ධ කරන බව පවසමින් එම තරුණිය ලිංගික කටයුතු සඳහා මුදලට අලෙවි කළ බව කියන 35 හැවිරිදි පිරිමි පුද්ගලයකු පැහැර ගෙන ගොස් අමානුෂික ලෙස ඝාතනය කළ බව කියන ස්පා කතක ඇතුළු සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපු කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
ඔහුගේ සිරුර පුළුස්සා දමා තිබියදී එම අස්ථි කොටස් සොයා ගත් බව ද පොලිසිය කියයි.
මෙලෙස අමානුෂික අන්දමින් ඝාතනයට ලක්ව ඇත්තේ මැදවච්චිය කූලික්කඩ ලිපිනයේ පදිංචිව සිටි ධර්මදාසගේ අෂාන් බුද්ධික නමැති 35 හැවිරිදි දෙදරු පියෙකි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ, නාත්තන්ඩිය , එප්පාවල සහ කිරිඳිවැල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 26, 28 සහ 36 වියේ පසුවන අනුරාධපුර 'ස්පා' මධ්‍යස්ථානයක සේවය කළ වාරියපොළ අවුලේගම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොන් වැඩ කෙරුවොත් ගොන් තෑගි තමයි දිනාගන්න ලැබෙන්නේ.