IMG-LOGO

දේතිලිඅංග සංගිලි පාලමේ මුල්ගල වසර 26 ක් පැළවෙලා

(බණ්ඩාර රත්නායක)

දොඩන්ගස්ලන්දේ වරකාවැහැර හා හිරියාලේ දේතිලිඅංග ගම්මාන දෙක යා කරමින් දැදුරු ඔය හරහා සංගිලි පාලමක් ඉදිකිරීමේ යෝජනාව වසර 26ක් තිස්සේ මුල් ගලකට පමණක් සීමා වී තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.

මීට වසර 26 කට ඉහතදී එනම් 1999 ජනවාරි 24 වැනිදා එවක රජයේ මහාමාර්ග අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතා අතින් අදාළ පාලම ඉදිකිරීම සඳහා මුල්ගල් තබා සිහිවටන පුවරු විවෘත කළත් මෙතෙක් ඉදිවූ පාලමක් නම් නොමැති බව එම ගම්මාන දෙකේ ජනතාව පවසති.

මෙම සංගිලි පාලමේ ඉදිකිරීම් නතර වීම පිළිබඳ සොයා බැලීම සදහා දේතිලිඅංග ගමට යෑමට සිදුවූයේ වරකාවැහැර ගමට පැමිණ ඉණවටකටත් වඩා ගැඹුරු දැදුරු ඔය තරණය කරමිනි. මේ පාලම ඉදිනොවීම නිසා දොඩන්ගස්ලන්ද රිදීගම වරකාවැහැර හා ඒ අවට ගැමියන් හා හිරියාල ඉබ්බාගමුව දේතිලිඅංග හා අවට ගම්මානවල අයට ගමන් පහසුව සලසා ගැනීම සඳහා කිලෝමීටර් 20-25 පමණ දුරක් ගෙවා යාමට සිදුවන බව ප්‍රදේශවාසීහු කියති. පාලම ඉදි කළහොත් එම ගමනට ඇත්තේ කිලෝ මීටර් 3-4 ක දුරකි.

2010 වසරේ මෙම පාලම ඉදිකරන්නට බාරගත් රාජ්‍ය නොවන සංවිධානයක් පාලමේ වැඩ පටන් ගැනීමට ඔය දෙපසම ශුද්ධ කර පාලමට අවශ්‍ය යකඩ ග්‍රේඩර් කණු කම්බි දැල් බට ආදියද ගෙනැවිත් දේතිලි අංග ගමේ එගොඩ මෙගොඩ අඩි දහකටත් වඩා ගැඹුරු මහා වලවල් හතරක් කැපුවද එතැනින් එහාට වැඩක් වුණේ නැතැයි ගම්වාසීහු පැවසූහ.



අදහස් (0)

දේතිලිඅංග සංගිලි පාලමේ මුල්ගල වසර 26 ක් පැළවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site