
(සරත් නිශ්ශංක වෙලගෙදර සහ ගායාන් සූරියආරච්චි)
පොළොන්නරුව, මිගස්වැව, පල්ලියගොඩැල්ල, අහම්පුර ගම්මානයේ නිවසක සඟවා තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවි තුනක් ඇතුළු අවි ආයුධ සහ උපකරණ සමඟ කාන්තාවක අත්අඩංගුවට ගත් බව මිගස්වැව පොලිසිය කියයි.
මිගස්වැව පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සුසන්ත ජයරත්න මහතාට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.
පොලිස් නිලධාරීන් වැටලීම සිදුකරන අවස්ථාවේ නිවසේ හිමිකරු එහි සිට නොමැති අතර, ඔහුගේ බිරිඳ පමණක් නිවසේ සිට ඇති බැවින් ඇය අත්අඩංගුවට ගෙන තිබේ.
නිවස පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවි තුනක්, උණ්ඩ අටක්, හිස් පතරොම් කොපු නවයක්, ගිනි අවි පිරිසිදු කිරීමේ උපකරණයක්, පතරොම් රඳවන බඳ පටියක්, ඊයම් බෝල 18ක් සහ ඊයම් තහඩු පහක් පොලිස් භාරයට ගෙන ඇත.
මෙම ගිනි අවි සතුන් දඩයම් කිරීම සඳහා භාවිත කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු වැටලීමට සහභාගි වූ සැමට අපගේ ප්රණාමය ...
නිවසේ හිමියා නැතිනම්, ඔහු ඉන්නා වෙලාවක පැමිණ අත්අඩංගුවට ගන්න පුළුවන්නේ. සැකකරු නිවසේ නැතිනම් ඒ වෙනුවට වෙනත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම වැරදි ක්රියාවක් නොවේද? එම ක්රියාව ඔහුගේ හෝ ඇයගේ නිදහසට බාධා කිරීමක් නොවේද? සැකකරු නිවසේ නැතිනම් ඒ වෙනුවට වෙනත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම වැරදි ක්රියාවක් නොවේද? එවැනි ක්රියාවක් ඔහුගේ හෝ ඇයගේ නිදහසට බාධා කිරීමක් නොවේද? මෙවැනි අයව අධිකරණයට ඉදිරිපත් කළහම මහේස්ත්රාත්තුමාට හෝ තුමියට එවැනි අත්අඩංගුවට ගැනීම් නිෂ්ක්රීය කරන්න බැරිද? එවැනි ක්රියාවන්ට විරුද්ධව මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන්න පුළුවන්ද? දන්නා කෙනෙක් මේ ප්රශ්නයට උත්තරයක් දෙනවා නම් හොඳයි.