(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දෙකයි පනහට වැටුණු අපි ඡන්ද මිලියනයක් ගත්ත එක ලොකු වර්ධනයක් යැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:-(පො.ප) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"පොදු ජන පෙරමුණ දෙකයි පනහට වැටුණු පක්ෂයක්. වැටෙන්න පුළුවන් උපරිම තැනට වැටුනා.මීට මාස හතකට කලින් මට තිබුණු ලොකුම ප්‍රශ්නය පාර්ලිමේන්තු මැතිවරණයට දහ දෙනකුට නාම යෝජනා දෙන එක. මාස හතක් වැනි කෙටි කාලයක් ඇතුලත පසුගිය මැතිවරණයේදී වැඩිම වර්ධනයක් ගන්න අපට හැකි වුණා. ඡන්ද ප්‍රමාණයෙන් මෙන්ම ඡන්ද ප්‍රතිශතයේ වර්ධනයක් අප වාර්තා කළා.මිලියනයකට ආසන්න ඡන්ද දායකයන් සියලු දෙනාට අප ස්තූතිවන්ත විය යුතුයි. ඔබ තුමාලට සීයට හයට එන්න අවුරුදු 60ක් ගියා. ආණ්ඩුවක් පිහිටුවන්න අවුරුදු හැටක් ගියා. අපේ දෙකයි පනහ සීයට දහයකට වැඩි කරගන්න, ඡන්ද මිලියනයකට වැඩි කරගන්න ගියේ මාස හතයි.ඔබතුමාලා නැවත සීයට තුනට වැටෙන තුරුම හිනා වෙවී ඉන්න යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ හිනස්සන්නේ නැතුව හිටපන් බන්.
මොවුන්ගේ ගණිතය පිළිබඳ දැනුම අන්තිමයි. මෙයා 2.5% ප්‍රතිශතය එක්ක සසඳන්නේ ඡන්ද ගැන..
කොහොමද අපේ වැඩ. තවම මැටි වැඩවල යෙදෙන අය අපිට සපෝට්...
මහත්තයෝ ඔයාලා තාම 2.50% තමයි. ගමේ ප්‍රාදේශීය සභා වල අයටයි මිනිස්සු ඡන්දෙ දුන්නේ... ගමේ කමට..
ඡන්ද නෙවෙයි මොලය වැඩි කරගන්න බලන්න.
ඡන්ද ප්‍රතිශතය එක්ක ඡන්ද ගණන සංසන්දනය කරන්න කෙනාගේ මොලය කොච්චර ලොකු ඇත්ද?
හා හරි එහෙනම් අටපට්ටමට කියමු.
දූෂිතම පව්ල් පාලනේ අයගේ නෑයෙක් නිසා පොහොට්ටුව ගැන පම්පෝරි ගැහැව්වට ,මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කෙරුවේ ඒ අය...!