
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම හා දොඩංගොඩ අතර කිලෝමිටර් 18.09 පරගස්තොට ප්‍රදේශයේදී වාහන තුනක් එකිනෙක ගැටීමෙන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව අධිවේගි රථවාහන පොලිසිය කියයි.
කැබ් රථයක් සහ මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී මෙම අනතුර වී ඇත.
වාහන තුනම මාතර දිශාවට ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර වී ඇත.
අනතුරින් තුවාල ලැබූවන් කළුතර නාගොඩ මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.
අනතුර හේතුවෙන් තරමක රථ වාහන තදබදයක් ඇති විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධි වේගයේ වාහන ගැටෙන එකට ප්‍රධාන හේතුවක් , රියදුරන් තමන්ගේ ධාවන තීරුවේ මැදින් නිසිලෙස වහනය නොපැදවීම සහ පසුපසින් එන වාහන ගැන කිසිම තැකීමක් නොකර සිග්නල් නොදා මන්තිරුව මාරු කිරීම සහ වාහන අතර අවම පරතරය වන මීටර් 50 දුර නිසිලෙස පවත්වාගෙන නොයන එක, පොලිසිය මෙම ප්‍රශ්න ගැන අවධානයක් යොමු නොකරන අතර ඔවුන් කරන්නේ, වේග සීමාව පාලනය කිරීම පමණි.