
(යොහාන් භාසුර)
තැපැල් දෙපාර්තමේන්තුවේ පාලන සහ මෙහෙයුම් ගැටලුවලට විසඳුම්දීමට බලධාරීන් අපොහොසත්වීමට විරෝධය දක්වමින් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිතිය පැය 48 ක සංකේත වැඩවර්ජනය අද (10) පස්වරු 4.00 ට ආරම්භ කළේය.
එම වර්ජනයය අනිද්දා (12) මධ්‍යම රාත්‍රීයේ අවසන් කිරීමට නියමිතය.
ඒ අනුව රටපුරා තැපැල් කාර්යාල 653 ක්, උප තැපැල් කාර්යාල 3,410 ක් සහ සියලුම පරිපාලන කාර්යාලවල කටයුතු අඩාල වන බවත් තැපැල් සේවකයන් 27,000 ක් පමණ වර්ජනයට එකතු වන බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිතිය පැවසීය.
ඡායා ශාන්ත රත්නායක






(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පින් පඩි ගුබ්බෑයම් වහලා දාන්න බැරිද?
27,000 කට වැඩි සේවක සංඛ්‍යාවක්...!