
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රණසිංහ ප්‍රේමදාස තමාගේ පියා කරපු හැම දෙයක්ම නිවැරැදි නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
තමා පියා කරපු හැම දෙයක්ම අනුගමනය කරන පුතකු නොවේ යැයිද ඔහු සඳහන් කළේය.
රණසිංහ ප්‍රේමදාස තමාගේ පියා කළ හොඳ දේවල් වැදගත් වැඩසටහන් ඉදිරියට ගෙන යන බව පැවසූ විපක්ෂනායකවරයා අඩුපාඩුකම් බැහැර කරන බවද ප්‍රකාශ කළේය.
සජිත් ප්‍රේමදාස මහතා මෙසේද සඳහන් කළේය.
මම දන්නෙ නෑ ඔබතුමාගේ පුතා ඔබතුමා කරන හැම දෙයක්ම කරනවද කියලා. මම නම් එහෙම කරන්නේ නැහැ. මම ස්වාධීන පුද්ගලයෙක්.මට ස්වාධීන හිතක් ස්වාධීන මනසක් තියනවා. මගේම හදවතක් හෘද හෘදසාක්ෂියක් තියෙනවා. පාසල් දරුවන්ට දිවා ආහාරය දීම රණසිංහ ප්‍රේමදාස දිවංගත මගේ පියා කරපු හොඳ වැඩක්. ඔබතුමා මගේ පියා වෘත්තිය සමිති නායකයන්ට කරපු දෙයක් කිව්වා. ඔබතුමා කියන්නේ එතකොට මමත් යන්න ඕන ඒ පාරේද. ඒකද කියන්නේ.
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා:
ඔබතුමා කැමති පාරක යන්න. අපිට ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ හරි පාරේ යන්න කියලයි.
2025 නොවැම්බර් මස 04
314
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2131
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තාත්තා කරපු හැම දෙයක්ම හරි නැහැ
මහසෙන් Thursday, 08 June 2023 12:19 PM
කිවිසුමක් ගියත් ,අධෝ වාතය ක් ගියත් ඒක පියානෝගේ නාමෙන් කල පුතාගේ මොකෝ මේ වෙනස් වීම.අනික් කෙනා ගැන කතා කරන්න දෙයක් නෑ.සිංහයොත් බලු වෙන කාලයක් මේක.
Ruhunu Thursday, 08 June 2023 12:24 PM
කරපු ලොකුම වැරැද්ද තමයි ඔබතුමා හදපු ඒක
Roshan Thursday, 08 June 2023 12:31 PM
තාත්තගෙ කාලේ ඔය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මොනවත් නෑ.... ඊට පහුවෙනිදම වෘත්තීය සමිති නායකයා හන්දියේ ටයර් සෑයක් උඩ සමාදානයේ සැතපෙනවා. තාත්තා ගම්උදාව කරා ඒක හොද වැඩක් පුතානෝ ඒකට මුවා වෙලා නිධන් හැරෙව්වා. ඉතුරු නිධන් ටික දැයට කිරුල හරහා රාජපක්ෂලා හෑරලා දැම්මා. පියානෝ කොටින්ට ආයුධ දුන්නා. ප්‍රධාන සාක්ෂිය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ කරුණා අම්මාන් කර්මාන්ත ශාලා විවෘත කලා ඒක හොඳ වැඩක් ස්ට්රයික් උද්ඝෝෂණ වැඩ වර්ජන නෑ ඒක හොද වැඩක්
නන්දලාල් Thursday, 08 June 2023 12:58 PM
ඉස්සර කාලයේ කතාවක් තිබුණා අප්පා කළදේ පුතා නොකළොත් කවුද වෙනවා කියලා ඒක අහලා නැහැ වගෙයි...
Pradeep Kumara Thursday, 08 June 2023 02:28 PM
පියතුමා කරපු හැම දෙයක්ම හරිත් නෑ, ඔබතුමා කරන, කරපු හැම දෙයක්ම හරිත් නෑ. ඒ වගේම මෙතුවක් කල් රට පාලනය කරපු කිසිම කෙනෙක් කල දෙයක් හරිත් නෑ. නැත්නම් රට අද මේ වගේ තත්වයක තියෙන්නෙ නෑ. අපේ ඉතිහාසයට වසර 2500යි, බංග්ලාදේශයේ ඉතිහාසටය වසර 50යි. අපි ඔවුන්ට ඩොලර් මිලියන ගණනක් ණයයි. කට්ටියම එකතුවෙලා කරපු දේ හරිම පැහැදිලියි.
Gamini Thursday, 08 June 2023 03:11 PM
එතුමා හදපු ඇඟලුම් කර්මාන්තවලින් තමයි අපේ රට තාම හුස්ම ගන්නේ...!
SUNIL MILANO Thursday, 08 June 2023 03:15 PM
හිටපු ජනපති ප්‍රේමදාස මහතා සිය ගුණයක් හොඳයි මෙයාට වඩා...