
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධීකරණ අධ්‍යක්ෂක තුසිත හල්ලොලුව මහතා ගමන් ගත් සුඛෝභෝගී ජීප්රථයට වෙඩි තබා ඔහුට සහ නීතිඥවරයාට පහරදී ලිපිගොනුවක් පැහැර ගෙන පලා ගිය බව කියන සිද්ධිය රුපියල් ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවක් මත සිදු කළ බව අත්අඩංගුවට ගත් පැදිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යයි කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය කියයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් යතුරුපැදියේ පැදිකරු ඇතුළු තිදෙනකු පෙරේදා වත්තල හුණුපිටිය ප්‍රදේශයේදී (27) අත්අඩංගුවට ගත් අතර මේ වන විට කාන්තාවක් ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි .
සෙසු සැකකරුවන් දෙදෙනා අතර යතුරුපැදිය සැපයූ පුද්ගලයා සහ පැදිකරුට නවාතැන් පහසුකම් ලබා දුන් පුද්ගලයන්ද වන බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පැදිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන චමිල නමැත්තෙකුගේ උපදෙස් මත තමන් යතුරුපැදිය පදවාගෙන පැමිණි බවත් වෙඩික්කරු තමන් වෙත උපදෙස් ලබා දී තිබුණේ තුසිත හල්ලොලුව මහතා සතුව ලිපි ගොණුවක් ඇතිබවත් ඔහු වෙඩි තබන අවස්ථාවේදී එය පැහැරගන්නා ලෙසත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමා ආණ්ඩුව පාතාලය මර්දනය නොකරන්නේ ඇයි කියලා දැන් තේරෙනවා. මහ මොළකරු කවුද කියලා හිතාගන්න පුළුවන්...
මොවුන් මොන හිඟන වැඩ ද මේ කරන්නේ... රුපියල් ලක්ෂ දෙකකට මිනී මරන්න තරම්... මිනිහෙක්ගේ ජීවිතයක වටිනාකමක් නොදන්නා හිඟන්නෝ. දැන් ඉතිං විඳවපංකෝ. මොවුන් දවසක මැරෙනවා කියලා හිතෙන්නේ නැද්ද? කුලී වැඩක් කෙරුවා නම් බයක් හැකක් නැතිව ජීවත් වෙන්න පුළුවන්නේ...
ඉතිං පැහැරගත්තු ලිපි ගොනුව කෝ අනිත් අපරාධ කරුවන් අත් අඩංගුවට ගන්නේ නැත්තේ මොකද?
මහ මොළකරු "යෝගා ඩෝබි"...
මෙම ජාතක කතා වස්තුවේ ඩුබායි චමිල නම්, හල්ලොලුව නම් වූ මංම වේදැයි….!
එතකොට එදා ඒ වෙලාවට, ඒ කාර් එකේ, ඒ ෆයිල් එකම අරගෙන, ඒ පාරෙම හල්ඔලුව යනවා කියලා දන්නේ හල්ඔලුවම නේ. එතකොට ඩුබායි චමින්ද කියන්නේ කවුද කියලා අපේ යෝගා වගේ ‘නෝ ඔලුව’ ලාට නොතේරුණාට, මොලේ කළඳක් ඇති ඕනෑම මනුස්සයෙකුට තේරෙනවා...!
කුකුල් හොරත් ඩෝබියෙක් තමයි.
මේක තමයි ලොකුම විහිළුව, අදාල ලේඛනවල මුල් පිටපත්ම අරගෙන හල්ලොලුව වට වන්දනාවේ ගිහිල්ලා, ඒ යන ගමන් ඩුබායි ඉන්න චමිලට කෝල් එකකුත් අරගෙන. සමහර විට ලෝකේෂන් එහෙමත් ෂෙයා කෙරුවාද දන්නේ නැහැ. වාහනයේ ෆොටෝ එහෙමත් යවන්න ඇති. මේ විස්තර සියල්ල හරියටම දන්නේ යෝගා විතරක් වෙන්න ඇති. ඒ නිසා පොලිසියට මුලින්ම කරන්න තිබුණේ යෝගාව අත්අඩංගුවට ගන්න එකයි...