
(රෝෂන් තුෂාර)
ජනාධිපති පොදු සමාව අවභාවිතා කරමින් සිරකරුවන් මුදාහැරීමට ආධාර අනුබල දුන්නේ යැයි මාසයක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සැකකරු ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද(09) නියෝග කළාය.
රුපියල් 25000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 2 බැගින් වූ ශරීර ඇප දෙකක් සැකකරුට නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලංකාවේ කිසිදු බන්ධනාගාරයකට ප්‍රවිෂ්ට වීම වළක්වමින් නියෝගයක්ද නිකුත් කළාය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd