
(අංජුල මහික වීරරත්න)
කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත් ආරක්ෂක සහ සෞඛ්‍ය අංශවලටත් උපදෙස් ලබා දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
දිනපතා සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය ඉහළ යාම රජයේ දැඩි අවධානයට යොමුව තිබෙන අතර එම අනතුරු වළක්වා ගැනීම සඳහා ස්ථීර වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය මේ වන විට යුහුසුළුව කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා පවසයි.
ජනාධිපතිවරයා මේ බව කීවේ නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ, කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් මියගිය ජනතාවගේ පවුල් වෙත සංවේගය පළ කිරීමේ ප්‍රකාශයක් කරමිනි.
අනතුරු සැලකිය යුතු ප්‍රමාණයකින් අවම කර ගැනීමට පවතින නීති ක්‍රියාත්මක කිරීමෙන් මෙන්ම රියැදුරන්ගේ ආකල්ප දියුණු කිරීම මගින්ද හැකියාව ලැබෙන බව විශ්වාස කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ මේ වන විටත් වැඩසටහනක් සැලසුම් කර තිබෙන බව කීය.
2025 නොවැම්බර් මස 04
693
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘තුවාල වූ අය බේරගන්න උපරිමය කරන්න‘
Rasika Sunday, 11 May 2025 08:24 PM
අනේ මෙයා කිව්වේ නැත්නම් ඒ මිනිස්සු උපරිමය කරන්නේ නැතිවෙයි.
Perakum Liyanagama Monday, 12 May 2025 01:18 AM
අමුතුවෙන් වැඩපිලිවෙලක් මොකටද? තියන නීති රීති පරිදි කටයුතු කර මාර්ග නීති කඩන්නන්ට නිසි දඬුවම් දුන්නොත් ඇති...!
Che Monday, 12 May 2025 06:18 PM
දැන්වත් ලොරි චැසිවලට බොඩි ගහපු ළදරන් වලින් මිනිස්සු අදින් නැතිව මගී ධාවනයට ශක්තිමත් සැබැ බස් රථ යොදන්න. මාර්ග නීති දැඩිව ක්‍රියාත්මක කරන්න. රියැදුරන්ට නිසි විවේකය සහ පහසුකම් සපයන්න...