
(අංජුල මහික වීරරත්න)
තෙල් මිල වැඩි කරන්නෙ නෑ තෙල් සංචිත තියෙනවා කිවුව ජනාධිපති දැන් තෙල් මිල වැඩි කළේ කුමන පදනමක් යටතේ දැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
"දැන් පහුගිය කාලේ මේ රටේ ජනාධිපතිවරයා ඇවිල්ලා කිව්වා දවස් 45කට තෙල් තියෙනවා කලබල වෙන්න ඕනෙත් නැහැ තෙල් මිල වැඩි කරන්නෙත් නෑ කියලා. ඇමතිවරයත් කිව්වා. හැබැයි දැන් තෙල් මිල වැඩි කරලා තියෙනවා. දැන් තෙල් මිල වැඩි කළේ ලෝක වෙළඳපොළේ මිල ගණන් අනුව කියනවා. වැඩි කරලා පැය විසි හතරක් යන්නත් කලින් ලෝක වෙළඳපොලේ මිලේත් යම් අඩුවීම සිද්ධ වෙලා තියෙනවා.
දැන් අපට සාධාරණ සැකයක් තියෙනවා.දවස් 45 කට තෙල් තියෙනවා කියපු ආණ්ඩුව තකහනියේ තෙල් මිල වැඩි කළේ ගල් අඟුරු වලින් වෙච්ච වංචාව මේ රටේ ජනතාවගේ ඇගේ පටවන්නට යැයිද නාමල් රාජපක්ෂ මහතා කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට කියන්න දෙයක් නැතිවුනාම අමුතු තියරි හදනවා...
ලෝකේ යුද්ධයක් නැති, ට්‍රම්ප් බලයේ හිටියේ නැති කාලේ ඉන්ධන මිල කොහේද තිබුනේ කියලා හොර පෙරකදෝරුවාට අමතක වෙලා වගේ...
තමුන්ලා බලයේ හිටපු කාලේ ජනතාවගේ රීරී මාන්ස පවා හූරාගෙන කාලා රටම විනාශ කෙරුවා. ජනතාව පාරට බැහැලා දූෂිත පවුල් පාලනේ උන් එළවළාම දැම්මේ නිකම්ද?
මේ වගේ කාලකන්නි... ලෝක තෙල් මිල මෙච්චර උඩ ගිහින් තියෙද්දී තව තවත් වැඩි වෙනවා කියද්දී ආණ්ඩු මොනවා කරන්නද? රටේ මාස 6-7කට තෙල් තියන්න පහසුකම් හදපු එකෙක් නම් කීවාට කමක් නැහැ. රට බංකොලොත් කරලා කෙලවපු කෙනෙක් කියනවා දක්කාම යකා නගිනවා...
දැන් සුදනෝ වෙන්න එනවා.
ලොකු කතා කියන්නැතුව මිනිස්සු පන්සීයක් හොයාගෙන මැයි දිනේ කරගන්න. පුලුවන්නම් විතරයි. අමාරු වැඩ කරන්න යන්න එපා. ඉඳලා හිටලා මාධ්‍ය නිවේදනයක් දාලා ඔහේ ඉන්න...
අද තෙල් මිල තීරණය කරන්නේ ඉදිරි ඇනවුමේ මිල ගණන් අනුව කියලා තේරුම් ගන්නවත් මොලයක් නෑ.
ඇමෙරිකාවෙත් ගැලුම $2.50ට තිබුණු තෙල් අද ගැලුම $3.55. බයි ජනයාගේ දැනගැනීම පිණිස...
නෑ මොලය කියන්නෙ නිකන්ද. ඔහේ කියවනවා කිසිම තේරුමක් නැහැ...
පච කුමාරගේ ඩෝබිලා උගේ මළපහ වුණු අමුඩ තරගෙට හෝදනවා.. කිසි දවසක රස්සාවක් නොකර පිනට කෑම හොරා කෑම ජීවන වෘත්තිය කරගත් අය කොහේද රටක් හදන්නේ?
පාස්කුව මතින් බලයට ආපු මේ ගොල්ලන්ට යුද්දේ පිට දාලා බලය ගන්න හදනවා කියන එක සුළු දෙයක්...
තමුන් කළේ එහෙම නිසා මේ ආණ්ඩුවත් එගොඩට දානවා.