
(ඩී.ජී. සුගතපාල)
පොලිස් සැරයන්වරයකු පදවාගෙන ගිය ත්‍රි රෝද රථයක් අනතුරට ලක්විමෙන් අවුරුදු 06ක් වයසැති ඔහුගේ දියණිය මියගොස් බිරිඳ ඇතුලු සිව් දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
ඇල්පිටිය පිටිගල ප්‍රෙද්ශයේ පදිංචි මතුගම පොලිසියට අනුයුක්තව සේවය කරනු ලබන සැරයන්වරයා පදවාගෙන පැමිණි ත්‍රිරෝද රථය කුරුඳුගහහැතැක්ම ඉන්දන පිරවුම්හල ඉදිරිපිටදි ඉදිරියෙන් පැමිණි වෑන් රථයක මුහුණය මහුණලා හැපිමෙන් අනතුර සිදුව ඇත.
එහිදි සැරයන්වරයාගේ දියණිය මියගොස් බිරිඳ ඇතුලු පස් දෙනෙකු තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි.
අනතුරෙන් සැරයන්වරයාට සුලු තුවාල සිදුව ඇති අතර ඔහුගේ 29 හැවිරිදි බිරිඳ, 09 හැවිරිදි වැඩිමහල් දියණිය, මස්සිනා, මස්සිනාගේ බිරිඳ මස්සිනාගේ දියණිය,තුවාල ලබා ඇත.
රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ බරපතල තුවාල ලබා සිටි සැරයන්වරයාගේ බිරිඳ කරාපිටිය රෝහලට මාරුකර යැවිමට පියවර ගත් බවයි.
ත්‍රිරොදය පැදවූ පොලිස් සැරයන්වරයා බීමත්ව සිටියේ දැයි පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් නිලධාරියෙකු වුණත් ප්‍රමාණය ඉක්මවා මගීන් අරන් ගිහින් වගේ.
බොහෝ තැන්වල වැරද්දක් කළොත් පොලිස්කාරයෙක් ඉන්නවා... මොවුන්ගේ ඔළුව හෝදන්න ඕනෑ.
ශෝකජනක පුවත් වුණත් නීති රකින අයනම් කී දෙනෙක් පටවාගෙන ගිහින්ද?
පොලිස් සාර්ජන්ට් කෙනෙක් වෙලත් ත්‍රිවිල් පදවන විට එහි යා හැකි උපරිම සංඛ්‍යාව ගැන දැනුවත් නැතුව නොසිටියා වෙන්න බැහැ. ත්‍රීවිල් එක උපරිම 3 රියදුරු නොමැතිව පොලිස් සාර්ජන්ට්ගේ ත්‍රිවිල් එකේ පිටුපස 6ක් සිට තිබෙනවා එයිනුත් ත්‍රීවිල් වසා නොමැති පැත්තේ අය තමයි සාර්ජන්ට්ගේ මියගිය දියණිය හා අසාධ්‍ය තත්වයෙන් සිටින බිරිඳ සිට ඇත්තේ එතැනින් එළියට විසිවී යාමෙන් ලැබූ තුවාල නිසා ඒ තත්වයන්ට පත්වෙන්න ඇත්තේ ඔහු පොලිසියේ නිසා පොලිසියේ අයම අල්ලන නිසා බේරී යා හැකි නිසා බය නැතිව වේගයෙනුත් යන්න ඇති... පොලිසියේ අය බය නැතිව නීති කඩන එකට ඔය අනතුර එකක් පමණයි. අවුරුදු නෑගම් අවසන් විය...
අලුත්ම ජපන් කාර් එකක් ගන්න සල්ලි දීලා අපි ගන්නේ ත්‍රී වීල්. ආණ්ඩුව අපට කරපු උදව්ව තමයි ඒ...!