IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ත්‍රීරෝද රථ සංගම් හතරක් ජනපති හමු වෙයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරණයේදී තම පූර්ණ සහාය ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව ප්‍රධාන ත්‍රිරෝද රථ සංගම් හතරක නියෝජිතයෝ ජනපති හමුවී අද ප්‍රකාශ කළහ.

සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතිය, ජාතික Taxi app ත්‍රී රෝද රථ වෘත්තිකන්ගේ එකමුතුව, එක්සත් මගී ප්‍රවාහන සේවා වෘත්තිකයන්ගේ සංගමය, බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සමූපකාර සමිතිය යන ප්‍රවාහන සංගම් මෙලෙස ජනාධිපතිවරයාට සහාය පළ කළහ.

එම සංගම් නියෝජනය කරන නියෝජිතන් දහසක් පමණ අද (04) උදෑසන කොළඹ ගෝල්ෆේස් අරගල භූමියට රැස්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  හමුවීමට අවශ්‍ය බවට කරන ලද ඉල්ලීම අනුව ඔවුන් අතරට පැමිණි ජනාධිපතිවරයා එම පිරිස සමඟ සුහද පිළිසඳරක නිරත විය.      

වසර 25ක් පුරා විධායක ජනාධිපතිවරුන් සිව් දෙනෙකු යටතේ විසඳුම් නොලැබුණු ත්‍රිරෝද රථ කර්මාන්තයේ නියාමනය පිළිබඳ ගැටළුවට පැය 24ක් තුළ විසඳුම් ලබාදීමට කටයුතු කිරීම පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ස්තුතිය පළ කළ ත්‍රීරෝද රථ රියදුරන් පසුගිය සමයේ රැකියාව කරගත නොහැකිව දින ගණනක් ඉන්ධන පෝලිම්වල රස්තියාදු වූ තමන් එම තත්ත්වයෙන් මුදාගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  බවත් නැවත එවන් තත්ත්වයකට මුහුණදීමට තමන්ට අවශ්‍ය නොවන බවත් පැවසීය 

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ත්‍රිරෝද රථ රියදුරන් වෙනුවෙන් දායකත්ව විශ්‍රාම වැටුපක් සහ සමාජ ආරක්ෂණක් 2025 වසරේ සිට හඳුන්වාදීමට රජය පියවර ගෙන ඇති බවයි.



අදහස් (8)

ත්‍රීරෝද රථ සංගම් හතරක් ජනපති හමු වෙයි

මැක්ස් Wednesday, 04 September 2024 03:21 PM

තෙල් හිඟ කාලේ තෙල් වැඩිමිලට විකුණලා දැන් 'අපි මාලිමාවට' ස්ටිකර් ගහගෙන යනගමන් මගීන්ට 'මාලිමාව ඡන්දෙ දෙන්න' කියලා තෙල බෙදන ටුක් උන්නැහෙලාත් ඔතැන ඉන්නවාද බලන්න...!

:       14       26

අරවින්ද මොනරවිල Wednesday, 04 September 2024 03:22 PM

රුපියල් පන්දාහ ගානේ බෙදුව බව ආරංචියක් පැතිරෙනවා... ඒ ගැන මැතිවරණ කොමිසම සොයා බැලිය යුතුයි...!

:       21       33

Ruwan De Silva Wednesday, 04 September 2024 04:09 PM

5,000 දෙනවා නම් හාල් දෙනවා නම් ගන්න. මොකද ඔය සල්ලි අපේ. හැබැයි රනිල්ට ඡන්දේ දෙන්න නම් එපා...!

:       15       29

සෙනෙවිරත්න Wednesday, 04 September 2024 04:17 PM

මැක්ස්, ඔය වගේ සිල්ලර අඩුපාඩු පෘතග්ජන මිනිස්සු කරනවා... මාලිමාවට ඡන්දෙ දෙන්න ඒක බාධාවක් නෙවෙයි. අංගුලිමාල නිවන් දැක්කා. ඒ එක්කම බලන්න ප්‍රභූ ⁣ෂෙඩ්වලින් තෙල් ගහගෙන රනිල්ට සජිත්ට උදව් කරන හාදයෝ කීයක් ස්ටේජ්වල ඉන්නවාද කියලා...!

:       10       11

මැක්ස්Wednesday, 04 September 2024 05:23 PM

ඈ සෙනෙවි, මාලිමාවෝ කරනකොට සිල්ලර වැරැදි, අනිත් අය එකම කරනකොට තොග වැරැදි. ඔහේ මාලිමාවටම තමයි හරි යන්නේ. අනුර සහෝ ඇතුළු මාලිමා නායක නඩේ ඒ දවස්වල පන්සල්, පල්ලි යන දේශපාලකයන්ව පලු අරිනවා. දැන් මාලිමාවෝ පන්සල්, පල්ලි, කොවිල්වලමයි. අපි කරන කොට හොඳයි. අනුන් කරනකොට නරකයි. එත් අපි මාලිමාවට...!

:       15       8

සෙනෙවිරත්න Wednesday, 04 September 2024 04:19 PM

මැක්ස් ඔයා කැමැති පක්ෂයේ අයට ඇයි බැරි? එහෙම ස්ටිකර් එකක්වත් ගහගෙන යන්න. එහෙම නම් පුළුවන් අයට දොස් කියන්න එපා...!

:       10       11

විජිත් Wednesday, 04 September 2024 04:48 PM

මේ මොකක්ද? ෆොටෝ එකේ තියෙන්නේ ඔක්කොම ත්‍රි වීල් ටික වෙන්න ඇති. මාලිමාවට පක්ෂ ත්‍රි වීල් ලක්ෂ ගාණක් තියෙනවා. # මාලිමාවට ඡන්ද කෝටියක් # අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති !!!

:       8       19

Kazi Shajahan Thursday, 05 September 2024 02:16 PM

ජනාධිපති ගාවට ගියා කියලා රුපියල් 2500 ස්ටිකර් එකක් ලැබුනා .ඒත් මම චන්දෙ දෙන්නේ මාලිමාවට

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31282 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13474 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10991 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 100 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 929 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site