
(නිමල් ජයරත්න)
පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්ගයට පෙරලීමෙන් ත්‍රිරෝද දෙකේ ගමන් ගත් අවුරුදු තුනක දැරියක් ඇතුළු හය දෙනකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ හසලක සහ දිඹුලාගල ප්‍රදේශයේ පිරිසක් බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කරන මනම්පිටිය පොලිසිය සඳහන් කරයි.
පොළොන්නරු ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට යමින් සිටි පිරිසක් මෙම අනතුරට පත්ව ඇති බවද මනම්පිටිය පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරේ වාහනයක් පදවන්න හැමෝටම බැහැ. සල්ලිවලට ලයිසන් ගත්තාම ඔහොම වෙනවා. අශ්ව කුලප්පුව හැදිලා වගේ වාහන එලවන්න බැහැ. මුල ඉඳලාම හදන්න ඕනෑ. දවසකට කීදෙනෙක් මහමග මැරෙනවාද? මේ ආණ්ඩුව තාම නිදිද?
දළදාව විකුණන් කාපු කාලකන්නි සාපෙ මුළු රටටම වැදිලා...