IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ත්‍රි‘මලේ පාසලක පුස්තකාලය ගිනිගනී

(අමදෝරු අමරජීව )

ත්‍රිකුණාමල , ශ්‍රී සුමේධංකර මහා විද්‍යාලයේ  අද (06) උදෑසන පාසල් ආරම්භ වී විනාඩි කිහිපයක් තුළ ඇතිවූ හදිසි ගින්නකින් පුස්තකාලයේ පොත් සියල්ල  ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇතැයි උප්පුවේලි පොලිසිය කියයි.

අභිනව විදුහල්පතිවරයා අද (06) උදැසන රාජකාරි භාරගත් බවට ලොග් සටහන් යොදා  උදෑසන ආගමික වතාවත් වලින් අනතුරුව සිසුන් ආමන්ත්‍රණය කරද්දී පුස්තකාලය මෙලෙස හදිසියේ ගිනිගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් නව විදුහල්පති බී.ටී.සරත් කුමාර මහතා පවසන්නේ තමන් නව විදුහල්පති තනතුරේ රාජකාරී ආරම්භ කර සුළු වේලාවකදී පුස්තකාලයේ ගින්නක් හටගත් බවත් ක්ෂණිකව ඒ බව ගිනි නිවන ඒකකයට දැනුම් දී ගින්න මැඩ පැවැත්වුවත් පුස්තකාලයේ පොත් සියල්ල විනාඩි කිහිපයක් තුල ගිණිගෙන විනාශ වී ගොස් තිබූ බවත්ය

.පුස්තකාල ගොඩනැගිල්ලට විදුලි සැපයුම තිබුණද එහි විදුලි පරිපථ ටික කලක සිට අක්‍රීය වී තිබු බව ගුරුවරු පවසන අතර මෙලෙස පුස්තකාලය ගිනිගැනීම තුළ කඩා කප්පල්කාරී ක්‍රියාවක් ඇති බවට තමන්ට සැකයක් ඇති බව නව විදුහල්පතිවරයා කීහ.  

 

           

 



අදහස් (0)

ත්‍රි‘මලේ පාසලක පුස්තකාලය ගිනිගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 194 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2072 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site