IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තරුණ සේවා සභාවේ තව සෙල්ලම් විගණනයෙන් එළියට


(සුජිත් හේවාජුලිගේ)

ජාතික තරුණ  සේවා  සභාව තරුණ තරුණියන්ගේ  දැනුම කුසලතා නැංවීම සහ  ශිල්පිය දැනුම  වර්ධනය කිරීම සඳහා  භාණ්ඩාගාර ප්‍රතිපාදන යොදා ගැනීම වෙනුවට  තරුණ තරුණියන්ට  රසාස්වාදනය  ලබාදීමට යැයි පවසමින් පසුගිය වසරේදී ප්‍රදර්ශන සහ සංගීත ප්‍රසංග පැවැත්වීමට පමණක් රුපියල් කෝටි තිස් දෙකකට වැඩි මුදලක් වැය කර තිබූ බව ජාතික විගණන කාර්යාලය  එම සභාවේ කටයුතු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විශේෂ විගණන වාර්තාවේ දැක්වේ.

ඔවුන් මෙම සංදර්ශන පවත්වා තිබුණේ ජාතික තරුණ සේවා සභාව ක්‍රියාත්මක කරන ප්‍රදර්ශන සහ සැණකෙළි තුළින් 2030 වන විට තරුණයන්ගේ ශාරීරික සෞඛ්‍ය හා මානසික සෞඛ්‍ය මෙන්ම බෝවන රෝග වැළඳීමේ අවස්ථාව තුනෙන් එකකින් අඩුකර ගත හැකි බව දක්වමිනි.

නමුත් එසේ  ලෙඩ රෝග අඩු කරගත හැකි බවට විද්‍යාත්මකව සනාථ කර ගැනීමට කරුණු දක්වා නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ.

බණ්ඩාරවෙල නගරයේ පැවති සංගීතමය වැඩසටහනකට අවශ්‍ය සේවා කුලී පදනම මත සපයා ගැනීමේදී  අමතර ගෙවීමක් මත රජයට ලක්ෂ තිහකට වැඩි මූල්‍යමය අලාභයක් සිදු වූ බව පවසන එම වාර්තාව ඉහත මුදල වගකිව යුතු නිලධාරීන්ගෙන් අය කර ගත යුතු බවටද  නිර්දේශ කරයි.

එසේම ජාතික තරුණ සේවා සභාව  නෙළුම් පොකුණ රඟහලේදී  2024 වසරේ දෙසැම්බර්31 දින පැවැත් වූ සංස්කෘතික හා සංගීතමය ප්‍රසංගයක් වෙනුවෙන්ද රුපියල් කෝටි දෙකකට වැඩි මුදලක් වැය කර තිබූ බව එහි සඳහන්  වෙයි



අදහස් (1)

තරුණ සේවා සභාවේ තව සෙල්ලම් විගණනයෙන් එළියට

Pradeep Kumara Tuesday, 10 June 2025 01:31 PM

එකිනෙකා වැඩ කරන්නේ තම තමන්ගේ බුද්ධි මට්ටමට අනුකූලවයි. ඉතිං පෙර සිටි පාලකයින් තරුණ තරුණියන්ගේ තිබූ දැවෙනම ප්‍රශ්නය ලෙස මෙය දැක ඊට පිළියමක් ලෙස සංගීත සංදර්ශණ පවත්වන්න ඇති. පව් ඉතිං ඔවුන්ට තේරෙන විදියනේ...

:       4       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site