IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


’’තීරණයේ වෙනසක් නෑ’’ ඛනිජ තෙල් අධ්‍යක්ෂ කියයි

(යොහාන් භාසුර)

‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හල්හිමියන්ට ගෙවූ සියයට 3 වට්ටම් මුදල අඩු කිරීමේ තීරණයේ කිසිඳු වෙනසක් නොමැති බවත් බලශක්ති අමාත්‍යවරයාගේ සහ ජනාධිපතිවරයාගේ තීරණයත් එයම වීම නිසා එම තීරණ වෙනස් නොවන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා අද (3) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.

‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හල්හිමියන් සමඟ හෙට (4) පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදී සියයට 3 ක වට්ටම් මුදල අඩු කිරීමට අදාල පැහැදිළි කිරීමක් පමණක් කිරීමට බලාපොරොත්තු වන බව කී නෙත්තිකුමාරගේ මහතා පිරවුම්හල්හිමියන් රුපියල් 63,000 ක් පමණක් ලාභ ලබන්නේ යැයි ප්‍රකාශ අසත්‍ය මෙන්ම ඔවුන් ලක්‍ෂ ගණනින් ලාභ ලබන බව ද සඳහන් කළේය.

සියයට 3 ක වටට්ම අඩු කිරීම පිළිබඳව ජනමාධ්‍යයට ප්‍රකාශ දෙන බොහෝ පුද්ගලයන් ‘සිපෙට්කෝ’ පිරවුම්හල්හිමියන් නොවන බවත් ඔවුන්ට වට්ටම පිළිබඳව ගැටලුවක් පවතින්නේ නම් අදාල සමාගම් සමඟ සාකච්ඡා කළ යුතු බවත් ඒ මහතා කීය.

දෙමටගොඩ පිහිටි ලංකා ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේදී අද පෙරවරු පැවැත්වීමට නියමිත සාකච්ඡාවට ‘සිපෙට්කෝ’ පිරවුම්හල්හිමියන්ට පමණක් ආරාධනා කර ඇති බවත් එම සාකච්ඡාවට වෙනත් පිරවුම්හල්හිමියන්ට සහභාගිවිය නොහැකි බවත් මයුර නෙත්තිකුමාරගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (4)

’’තීරණයේ වෙනසක් නෑ’’ ඛනිජ තෙල් අධ්‍යක්ෂ කියයි

ගුණරත්න Monday, 03 March 2025 06:16 PM

බිස්නස් කරන්න දන්නේ නැති උන් මේ. කඩේකට බඩු දාන්නෙත් වෙළෙන්දා ළඟටම බඩු ගෙනත් දීලා 1:1 තරම් ලාභ රෙට්ටුවක් දීලා බඩුව විකුනාගන්නවා. අපේ මෝඩ මරි මෝල් ආණ්ඩුවේ බිසිනොස් ලොක්කෝ තමන්ගේ බිස්නස් කඩාගන්නවා අරුන් වැඩියෙන් හොයනවා කියල, ඔය කුහක සමාජවාදී චින්තනේ තමයි මේ රටට වැදුණු හේනේ.

:       14       2

අරවින්ද මොණරවිල Tuesday, 04 March 2025 12:59 PM

රටේ වාසනාවට ගුණරත්න වගේ අය සීයට තුනට බැස්සේ, එහෙම නැත්නම් මේක බොහොම ඉක්මනට සූඩානයක් හරි බංග්ලාදේශයක් වෙනවා .

:       0       3

Mahajanathawa Monday, 03 March 2025 06:34 PM

හොඳ වැඩේ....... මේ විකාර ඔක්කොම නවත්තන්න ඕන.

:       1       10

THUSHARA WIJETHUNGE Monday, 03 March 2025 06:44 PM

නිවැරදි තීරණයක්

:       2       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site