IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තරුණයාගේ ඝාතනයට 11 ක් පෝරකයට

(පාලිත ආරියවංශ)

ඌව පළාත් බදුල්ල මහාධිකරණයේ දී  විභාග වූ ඌවපරණගම ගලහගම මිනීමැරුම් නඩුවේ විත්තිකරුවන් 11 දෙනෙකුට මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා විසින් මරණ දඩුවම නියම කළේය.

2004 මැයි 29 වන දින ගලහගමදී වාද්දුව ‍ෆොන්සුගේ බන්දුල ජයවර්ධන තිසේරා නමැති එවකට 23 වියේ පසුවූ අවිවාහක තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා 11ක් යටතේ විත්තිකරුවන් 13ට විරුද්ධව මෙම නඩුව පවරා තිබිණි.

පළමුවැනි විත්තිකරු වූ සේනක රංජිත් ප්‍රේමරත්න නමැත්තා නිදොස් කොට නිදහස් කිරීමට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

7 වැනි විත්තිකරු වූ ආර්.පී.කේ පතිරණ නමැත්තා නඩු විභාගය අතර තුර මියගොස් ඇති බවද 12 වැනි විත්තිකරු වූ රුක්මන් ඉන්දික නමැත්තා විදේශගතවී සිටින බවද නඩු විභාගයේ දී අනාවරණය විය.

මරණ දඩුවම හිමිවූ වදරකරුවන් 11 දෙනා  මෙසේය.

රෝහන ජගත්, ගයාන් චමින්ද, පී.ඒ.නන්දකුමාර, අසංක සෙනෙවිරත්න, සුනෙත් සජීව රූපසිංහ, ඩව්ලිව්. සමන්ත, ඩබ්ලිව්. ඒ.පී.බණ්ඩාර, පී.හේමන්ත කමලසිරි, දිනේෂ් මංජුල, රුක්මන් ඉන්දික(විදේශගතව,) මංජුල රත්නායක  යන අයයි.

ඒ අනුව ක්‍රියත්මක වූ පොලිසිය විසින් එදිනම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණ.

මරණකරුගේ හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් මරණය සිදුවී ඇති බව අධිකරණ විශේෂඥ වෛද්‍ය ප්‍රියලාල් විජේරත්න මහතා විසින් ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දී තිබිණි.

වසර 20 කට අධික කාලයක් විභාග වූ මෙම නඩුවේ ගොනු පිටු 75කින් සමන්විත වීමද වි‍ශේෂත්වයකි.

රජයේ අධිනීතිඥ චිරස්ති සෙනෙවිරත්න මෙනෙවිය පැමිණිල්ල මෙහෙයවිය.



අදහස් (0)

තරුණයාගේ ඝාතනයට 11 ක් පෝරකයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 265 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site