IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


තරුණයකු ඝාතනය කළ 5කට මරණ දඬුවම

(මනෝප්‍රිය ගුණසේකර)

තරුණයකුට ක්‍රිකට් පොලු ඇතුළු පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු මෝදර ප්‍රදේශයේ පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පස්දෙනකුට මරණීය දණ්ඩනය නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා දෙදෙනකුට ජීවීතාන්තය දක්වා වු සිරදඬුවම් අද (28) නියම කළේය.

මේ වන විට වයස අවුරුදු 27 හා 29 වැනි වයස්වල පසුවුවත් අපරාධය සිදුවන අවස්ථාව වන විට බාලවයස්කරුවන් ලෙස අවුරුදු 15 සහ 17 වැනි වයස්වල පසුවීම නිසා විත්තිකරුවන දෙදෙනාට මෙලෙස ජීවීතාන්තය දක්වා වු සිරදඬුවම් නියම කෙරිණී.

වසර 13කට පෙර 21 වැනි පසුවු ෆැන්සිස් සුරංජන් නමැති තරුණයාට කළ මෙම අපරාධය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් ඔවුන් වරදකරුවන් කරමින් විනිසුරුවරයා එලෙස දඬුවම් නියම කළේය.

2012 සැප්තැම්බර් 26 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මෝදරදී ෆැන්සිස් සුරංජන් නමැත්තාට ක්‍රිකට් පොලු ඇතු`ථ පොලු වලින් පහරදී ඝාතනය කළ බවට විත්තිකරුවන් නවදෙනකුට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබිණී.

නඩු විභාගය අතරතුරදී විත්තිකරුවන් දෙදෙනෙකු මිය යෑම හේතූවෙන් විත්තිකරුවන් හත්දෙනෙකුට එරෙහිව නඩුව විභාග කෙරිණී.

මේ සම්බන්ධයෙන් පැවැති දීරඝ නඩු විභාගයේදී කෝවිල් දෙකක් අතර ඇති නිවසකදී පහරකෑමට ලක්වු මියගිය තරුණයා රෝහලට ගෙන යන අතරතුරදී මියගොස් ඇති බව සාක්කි වලින් අනාවරණය විය.

ඉදිරිපත්වු සියළු කරුණු සළකා බැලීමෙන් අනතතුරුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි විනිසුරුවරයා තීන්දු කළේය.

විත්තිකරුවන්ට දඬුවම් ලිහිල් කිරීම සඳහා හේතූ ඇත්නම් ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් අවස්ථාවේදී විත්ති කූඩුවේ සිට ද්‍රවිඩ සහ සිංහල භාෂා වලින් අධිකරණය ඇමතූ විත්තිකරුවෝ තමන් මෙම අපරාධයට කිසිඳු සම්බන්ධයක් නැතැයිද එහෙයින් තමන්ට ලිහිල් දඩුවම් දෙන්නැයි ඉල්ලා සිටියහ.

සිය`ථ කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා විත්තිකරුවන් 07 දෙනාගෙන් පස්දෙනකුට මරණීය දණ්ඩනය නියම කළ විනිසුරුවරයා දෙදෙනකුට ජීවීතාන්තය දක්වා වු සිරදඬුවම් නියම කළේය.



අදහස් (7)

තරුණයකු ඝාතනය කළ 5කට මරණ දඬුවම

Perakum Tuesday, 29 April 2025 01:23 AM

මත් ද්‍රව්‍ය පිලිබද වරදවලටද මෙලෙස මරණ දඩුවම දීමට නීති සම්පාදනය කල යුතුය.

:       0       3

Perera Tuesday, 29 April 2025 05:38 AM

එලියට ආවානම් පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන්න තිබුනා

:       4       5

Chathuri Tuesday, 29 April 2025 06:32 AM

හොදම වැඩක් වුනේ. නැත්නම් හැමදාම මරා ගන්නවා .පොඩි දේටත් ගැහැනු පිරිමි සම්බන්ද කම් වලටත් ඒ වගේ. තමුන්ට කැමති නැත්නම් නීතියෙන් වෙන් වනවා . කපන්න කොටන්න ඕන නැහැ. බකින්හැම් පැලස් එකේ නෙමේනෙ ජීවත් වෙන්නෙ. ඒ නිසා. දුරදිග හිතලා වැඩ කෙරුවම ඉවරයි. ජිවිතේ පාරයි. යාලුවෙක් හරි ආදරය කරන කෙනෙක් හරි හමුවෙන්නෙ. ජිවත් වෙන පොඩි කාලෙට අවුරුදු 75 කම දැන් හිරේ

:       0       6

Hafiz Tuesday, 29 April 2025 09:49 AM

අවර ගනයේ දකුණු ඉන්දීය චිත්‍රපටි බලලා හැදුන උං..මේ නඩු තීන්දුවට විශාල මාධ්‍ය ප්‍රචාරයක් දෙන්න ඕන..අනිත් උන්ට බලලා හැදෙන්න.

:       0       6

Perera Tuesday, 29 April 2025 10:11 AM

චතුරි, බකිංහැම් පැලස් එකේ ඉන්න කෙනෙකුට වෙන් වෙන්න ඕන උනාම කපලා දාලා වෙන් වෙන්නේ ?

:       4       0

නිහාල් Tuesday, 29 April 2025 02:03 PM

මම හිතුවේ පාස්කු ප්‍රහාරයේ හෝ බටලන්දේ මහා මොළ කරුවන්ට කියලා

:       0       0

රසික Tuesday, 29 April 2025 04:57 PM

මිනීමරුවන්ට සුදුසු දඬුවම දීම තිබෙන්නේ... අධිකරණයට හිස නමා ආචාර කරමි. අනිත් එක තව ඔය වැනි වැරදි කරලා නිදැල්ලේ ඉන්නා අයට දැනටමත් කක්කා ගිහිං ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 229 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 387 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 724 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site