IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


තරුණයකු ඝාතනයට දස දෙනෙක් පෝරකයට

වසර දාහතරකට පෙරදී  තරුණයකු අමානුෂික අයුරින් ඝාතනය කළ කාන්තාවන් තිදෙනකුට සහ පිරිමින් හත්දෙනකුට  ඇඹිලිපිටිය පූර්වගාමි මහධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා අද මරණ දඩුවම නියම කළේය.

ඇඹිලිපිටිය මුල්ලෙගස්‍ යාය ප්‍රදේශයේ දී 2011වසරේ දිනක විජේසිංහ ආරච්චිගේ වර්ණ ධම්මික නයන කුමාර නැමැති තරුණයාට ගල්මුල්වලින්, පොරවකින්, පිහියකින් පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන්  වරදකරුවන් කරනු ලැබීය.

එක් විත්තිකරුවකු සහ විත්තිකාරියක නිදහස් කිරීමට ද විනිසුරු වරයා නියෝග කළේය.

මෙසේ මරණ දඩුවම නියම වූයේ , ඇඹිලිපිටිය, මුල්ලෙගස්‍ යාය ලිපිනයේ පදිංචි සුබසිංහ පතිරණගේ දියෝනිස් , සුබසිංහ පතිරණගේ ආරියවතී නොහොත් හීන්නැන්දා නොහොත් ආරී, සුබසිංහ පතිරණගේ විමලදාස නොහොත් පුංචි බාප්පා, ජයවීර ආරච්චිගේ සරත් නොහොත් සරත් මාමා, සුබසිංහ පතිරණගේ අමරසේන නොහොත් කිරි බාප්පා , ජයවීර ආරච්චිගේ ශෂී කුමුදු සුරංග නොහොත් නිස්සංක අයියා, සුබසිංහ පතිරණගේ අන්ද්‍රයස් අප්පුහාමි නොහොත් ලොකු තාත්තා නොහොත් සොකරි ලොක්කා, සුබසිංහ පතිරණගේ දිමුතු සුරංග, සුබසිංහ පතිරණගේ චින්තා නිමාලි නොහොත් සුබසිංහ පතිරණගේ නිමාලි චින්තනී, සුබසිංහ පතිරණගේ කරුණාවතී ඥාතීන් පිරිසකි.

(අජිත්ලාල් ශාන්ත උදය, ජයන්ත නානායක්කාර සහ  රෝහණ සමරවීර)

 



අදහස් (4)

තරුණයකු ඝාතනයට දස දෙනෙක් පෝරකයට

Lal Monday, 24 November 2025 09:57 PM

හොඳ බෞද්ධ සෙට් එකක් වගේ .....

:       2       14

beau Tuesday, 25 November 2025 05:20 AM

එකම පවුලක පවුකාරයින් ගොඩක්. මුන් තිරිසන්නුද ? රීරි යක්කුද?

:       0       12

ලොකු බණ්ඩා Tuesday, 25 November 2025 09:29 AM

මම පොඩි අවදියෙ අහපු කතාවක කවියක් මතක් වෙනවා. “එක ඔළුවට ඔළු දහයයි ඉදං මරිස මං. අපට ඔහැටි පත්තූ මොකද අසං සකිය සඃ" අපරාදේ පවුල් පිටින් හිරේ ගියා නේ.

:       1       3

චන්දුTuesday, 25 November 2025 01:43 PM

මම ලොකුවෙලා දැනගත්තු දෙයක් තමයි තමන්ගේ දුවව හදාගන්නැතුව රටේ ලෝකෙ මිනිස්සුන්ව කපල, ගහල මැරුවොත් මේක තමයි ප්‍රතිඵලේ.

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 117 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 198 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1062 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site