
(අංජුල මහික වීරරත්න)
ත්‍රිකුණාමලය ඉහළ ටැංකි අංගනයේ ටැංකි විසි හතරක් සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා රජය, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ලංකා ඉන්දියානු තෙල් සමාගම සහ ත්‍රිකුණාමල ඛනිජතෙල් පර්යන්ත සමාගම විසින් චීන වරායේ තෙල් ටැංකි අංගනයෙහි හිමිකාරීත්වය, සංවර්ධනය සහ භාවිතය සඳහා වන ගිවිසුමකට 2022-01-06 දින අත්සන් තබා ඇත.
එම ගිවිසුමේ විධිවිධාන පරිදි ත්‍රිකුණාමල ඉහළ ටැංකි අංගනයේ ඇති ටැංකි විසි හතරක් (24) ගිවිසුම ආරම්භ වන දිනයේ සිට වසර 50ක කාලයක් සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත බදු පදනම මත ලැබී ඇත.
එකී තෙල් ටැංකි සංවර්ධනය කිරීම වසර 03 ක් ඇතුළත නිම කිරීමේ අරමුණ ඇතිව තුන් අවුරුදු ව්‍යාපෘතියක් සැලසුම් කර ශක්‍යතා අධ්‍යයනයක් ඇතුළු මූලික ව්‍යාපෘති කටයුතු ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ලැබ ඇත.
එම ව්‍යාපෘතිය සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා දුම්රිය සේවය, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු අදාළ පාර්ශ්වයන්ගේ අනුමැතින් මේ වන විට ලබා ගෙන තිබේ. ඒ අනුව, මහා භාණ්ඩාගාරයට වැය බරක් නොවන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථවේ අරමුදල් මඟින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩක්.......
හොඳ වෙලාවට මේක ජෙප්පෝ පටන් ගත්තේ. වෙන පක්ෂයකින් පටන් ගත්තනම් මෙතන වෙලලෙන හැටි බලන්න තිබ්බ
මේ බදු මුදල් රජයටද?
2022.01.06 වන දින ගිවිසුම අත්සන් කරන විට රටේ ජාතික ජනබල වේගයේ ආණ්ඩූවක් හොද වෙලාවට තිබුණේ කියලා හිතාගෙන සැනසෙන බයියන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් රකිමුද ?
පර්යේෂණ නැව් එහෙම මේ දවස්වල එන්නේ නැද්ද?
අර කෝටි ගාණක් වියදම් කරලා සයිලෝ රිපෙයා කළා, ගබඩා රිපෙයා කළා... දැන් වී මිටි කී දාහක් එවැයි තියෙනවාද?
ඕවා කරේ ගෝඨාභයගේ කාලේ, කවුද බං රවට්ටන්නේ, සහෝදර හරක්ද?