
(විමුක්ති එස් රුද්‍රිගු)
තමිල්නාඩු ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 13 ක සරණාගත කඳවුරු වල සිටින ශ්‍රී ලාංකික දෙමළ වැසියන් වෙනුවෙන් ඉදිකළ නිවාස 1591 ක් නිල වශයෙන් ඔවුන්ට භාර දීමේ නිල උත්සවය තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් මහතාගේ ප්‍රධානත්වයෙන් වෙල්ලෝර්හි මෙල්මොනාවුර් ශ්‍රී ලාංකික දෙමළ සරණාගත කඳවුරේදී පසුගියදා පැවැත්විණ.
මෙම නිවාස ඉන්දීය රුපියල් කෝටි 79.70 (ශ්‍රී ලංකා රුපියල් කොටි 300 ක් පමණ) ක වියදමින් ඉදිකර ඇත.එම උත්සවයේදී වෙල්ලෝර් හි සරණාගත කඳවුරේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් සඳහා නිවාස 220 ක යතුරු ස්ටාලින් මහතා බාර දී තිබේ.වෙල්ලෝර් හි සරණාගත කඳවුරේ ඉදිකර ඇති නිවාස වලට පමණක් ඉන්දීය රුපියල් කෝටි 11 ක මුදලක් වැයවී ඇතැයි ආරංචි මාර්ග පවසා ඇත.
ස්ටාලින් මහතා සරණාගත කඳවුරේ සිදුකළ සංචාරයේදී මෙම නිවාස හොඳින් නඩත්තු කිරීමට ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාව දිරිමත් කර තිබේ.දිස්ත්‍රික්ක 29 ක් පුරාවට ඇති ශ්‍රී ලාංකික දෙමළ පුනුරුත්ථාපන කඳවුරු 104 ක ගරා වැටුණු නිවාස වෙනුවෙන් නව නිවාස 7469 ක් ඉදිකරන බව තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් මහතා පසුගිය වසරේ නිවේදනය කළේය.නිවේදනය කිරීමෙන් පසු ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙනුවෙන් නිවාස 3510 ක් ඉදිකිරීම ආරම්භ කළ අතර ඉන් පළමු අදියර යටතේ නිවාස 1591 ඉදිකිරීම් අවසන් කළේය.
අනෙක් දිස්ත්‍රික්කවල ඇති සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඇමතීමට මෙම උත්සවයේදී තමිල්නාඩු මහ ඇමතිවරයා කටයුතු කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවෙන් සලකන්නෙත් දෙමළ ජනතාවට වෙන රටවලින් සලකන්නෙත් දෙමළ ජනතාවට. සිංහල ජනතාවට තමයි කිසිම සහනයක් නැත්තේ...