(යොහාන් භාසුර)
ඉන්දියාවේ තමිල්නාඩුවේ සිට ආනයනය කළ කාබනික පොහොර අඩංගු අඩි 40 ප්‍රමාණයේ බහලුම් තුනක් ශ්‍රී ලංකා රේගුව රඳවාගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරියකු පැවසීය.
මදුරේහි ලියාපදිංචි නොකළ සමාගමකින් ආනයනය කර ඇති මෙම බහලුම් තුන ප්‍රශ්න සහගත බවත් ආනයන කරන අවස්ථාවේදී බාරදී ඇති ලිපි ලේඛණවල සඳහන් ආනයනකරුගේ ලිපිනය ද සැක සහිත බවත් ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරියකු පැවසීය.
මෙම බහලුම් තුනේ පොහොර කිලෝ 77881.41 ක ප්‍රමාණය කොළඹ 12 ප්‍රදේශයේ සමාගමකින් ආනයනය කර ඇති බවත් එම බහලුම් ඔරුගොඩවත්ත ග්‍රේලයින් බහලුම් පර්යන්ථයේ ගබඩා කර තිබේ.
මෙම කාබනික පොහොර තොගය ආනයන කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කිසිඳු බලපත්‍රයක් ඉදිරිපත් කර නොමැති බවත් ශාඛ නිරෝධායන නීතියට අනුව මෙම පොහොර තොගයෙන් සාම්පල් ලබාගෙන පරීක්‍ෂා කර නොමැති බවත් ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරියා පවසයි.
ශ්‍රී ලංකාවට ක්ෂුද්‍ර ජීවින් සහ විවිධ දිලීර වර්ග ඇතුල්වීම වැලැක්වීම සඳහා 1999 ශාඛ ආරක්‍ෂණ පනත යටතේ කාබනික පොහොර ආනයනය තහනම් කර තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.