
(ජේ.කේ.එල්. චාමින්ද)
තැපැල් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 5,913ක් පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය කරයි.
තැපැල් දෙපරේතමේන්තුව සදහා අනුමත සේවක සංඛ්‍යාව 27,372කි.
එහෙත් දැනට සිටින සේවකයන් සංඛ්‍යාව 21,459ක් බවද විගණන වාර්තාවේ සදහන් වේ.
එමෙන්ම අනිකුත් ශ්‍රේණි හා සේවාවල පුරප්පාඩු 3,660ක් සහ ජ්‍යෙෂ්ඨ මට්ටමේ සේවාවල පුරප්පාඩු 63ක් පවතින බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මෙකි පුරප්පාඩු පිරවිමට කටයුතු කර නොතිබුණි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තැපෑලේ පුරප්පාඩු හයදාහසට ආසන්නයි
Priyantha Tuesday, 18 March 2025 04:20 PM
ඉතින් තවමත් ඒ සඳහා අනුමැතියට ඉදිරිපත් කර නැහැනේ. රාජපක්ෂලා ආණ්ඩු කලානම් හෙංචයියො වැඩියෙනුත් එක්ක දමාවි. කොහෙද ගෝඨාභයට ඉන්නම දුන්නේ නැහැ.
PGPTHILAK Tuesday, 18 March 2025 05:02 PM
දැන් ලියුම් යවන්නේ නෑනේ...! ඕකේ ඉන්නේ නාමික රාජකාරියක්...! ඒක වවාගෙන කෑමට තමයි සූදානම! රට බංකොලොත් වෙලා හොම්බෙන් යන තැනට කටයුතු කරන්නේ ඔය වගේ වැඩකට නැති රාජ්‍ය ආයතන හා ඔව්වාට රිංගලා පහසුවෙන් ජීවත්වෙන කම්මැලි හොරු රැළ...
ගුණරත්න Tuesday, 18 March 2025 06:23 PM
දැන් කවුද ලියුමක්වත් යවන්නේ? කවුරුවත් නැහැ, භාණ්ඩ යවන්න ඕන තරම් කූරියර් සමාගම් තියෙනවා, ඉතින් මොකටද දාස් ගානක් සේවකයින්? හෙන්චය්යෝ ටිකට රස්සා දෙන්නද?
රුවන් Tuesday, 18 March 2025 07:26 PM
විගණකවරු සියල්ල දත්තෝ නොවෙති. නූතන තාක්ෂණික සන්නිවේදනය තුල කටයුතු කිරීමේදී ඉතිහාසයේ ඇතකරගත් සියලු තනතුරු පිරවීම අවශ්‍ය නොවේ. ගතානුගතික රාජ්‍ය සේවය තුල විගණකවරුද තවත් ලිංමැඩියන්ම පමණකි.